□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆12☆□■□■□■□■2017.05.08
17ᵗʰ Day -
(author's pov)
____________________________________"උඹට කාවහරි මරන්න ඕනෙද...
ටේයොං මැරුණා. ඉතුන් උඹ මුන්ගෙන් පළිගන්නෙ නැද්ද ? ලයා... පළිගන්න. පළිගන්න. ඔයා දැන් ඉතින් පළිගන ඕන වෙලාව හරි. අහුවෙන අහුවෙම කෙනාව මරලා දාන්න. මේකෙ ඉන්න යක්කු සේරම මරලා දාන්න. නැගිටින්න. ඇස් ඇරලා බලන්න. වටේම ඉන්නෙ යක්කු. නැගිටින්න . ඉක්මන් කරන්න. එයාලා ඔයාව විනාස කරන්න කලින් ඔයා එයාලව විනාස කරන්න.
මේක තමයි හොඳම වෙලාව. ලයා ඉක්මන් කරන්න. "සංහූන් රහසින් එක්කන් ආපු ඩොක්ට දුන්න බෙහෙත නිසා ලයාට පුංචි කාමරේ ඇතුළෙ බිම ම නින්ද ගිහින් තිබුණා. ඒ අතරෙ නින්දෙන්ම ලයාගෙ යටි හිත එයාට මේ දේවල් කියන්න පටන් ගත්තා. ලයා එකපාරටම ඇස් ඇරලා එහෙමම බිම වාඩි වෙලා එහාපැත්ත බැලුවා. එතන හිටියෙ කලින් එයත් එක්කම එකට බේරිලා ආපු පිරිමි ළමයා. දැක්ක ගමන් ලයා ඒ කොල්ලගෙ ඇඟට පැනලා බෙල්ල මිරිකුවා.
මැරියන්.මැරියන්. උඹලා යක්කු. උඹලා ඔක්කොම යක්කු. ඉතින් මැරියන්. මැරියන්. ඉක්මනට මැරියන්.
අනේ මාව බේරගන්න. මිස්.. මේ මම.. අනේ අත අරින්න.
ඒ පිරිමි ළමයා කෑගහන්න පටන් ගත්තා. එතනට ආරක්ෂකයො දුවගෙන ආවෙ ඒ වෙලාවෙ. දෙන්නෙක් දෙපැත්තෙන් ඇවිත් ලයාගෙ උරහිසෙන් අල්ලලා කාමරෙන් අරන් ගියා. තව කෙනෙක් අනිත් පිරිමි ළමයවත් එක්කන් ගියා.
___________________________
එයාලව එක්කන් ගියේ ලොකු දිග ගෘහස්ත පිට්ටනියක් තැනකට. ඒ වුනත් ඒක කලුවරයි.ගොඩක් උස බිත්ති වල තැනින් තැන සිදුරු තිබුණා.
අනිත් 247 දෙනත් ලයා එක්ක කලින් හිටිය පිරිමි ළමයත් ඒ හෝල් එකේ හිටියා. ලයා ගිහිල්ලා සද්ද නැතුව ටෝරු , සංහූන් , ශානිකා , යේ සං හිටිය තැනින් බිම වාඩි වුනා.
කකුල් දෙකත් පපුව ළඟට වෙන්න නවාගෙන අද්දෙක දණහිස් දෙක උඩ දියාගෙන ලයා ඔහේ බලන් හිටියා. එයාගෙ තොල් වේලිලා. ඇඟ හොඳටම රස්නෙයි. කොල්ලෙක් වගේ කපපු කොණ්ඩෙ චූටි පෝනිටේල් එක ගැළවිලා කොණ්ඩෙ අවුල් වෙලා.
ඇස් වල කඳුළුත් පුරවන් එක දිගට සුසුම් හෙළපු එක විතර එයා කළේ.
BẠN ĐANG ĐỌC
■● « 49 Pages with 49 Days »●■
Bí ẩn / Giật gân■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...