06 -මිනිස්සු කියන්නෙ හරිම අමුතු කට්ටියක්.

341 84 56
                                    

□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□  49 Pages with 49 Days  □■□●○●
            ■□■□■□■□☆06☆□■□■□■□■

2017.04.26
5ᵗʰ Day
•••••••••••

මම ඊයෙ පුරුදු මූණක් දැක්කට මට එයා එක්ක කතා කරන්න බැරි වුනා. මම කල්පනා කළේ ඒ කවුද කියලා. අද මට ආපහු එයාව හම්බවුනා. ඒ අද උදේ කෑම වෙලාවෙදි.

"excuse me , මට ඔයාව දැකලා පුරුදුයි වගේනෙ."

"ආ එහෙමද.. "

එයා ටිකක් ගැස්සුනා හැබැයි. භය වුනාද මන්දා.

"නෑ නෑ නෑ. බය වෙන්න එපා. මට නිකන් ඔයාව මතකයි මතකයි වගෙ.."

ඒ වෙලාවෙ නම් එයා ටිකක් කූල්ඩව්න් වෙලා වගේ මගෙ දිහා බැලුවා.

"ඔයා Drama බලනව ද?"

"අ...... ; ආ.......... මේ ඔයා නේද ? kwon ye-sang ? ඔයා නේද අර my man drama එකේ high school villain character එකකට හිටියෙ ? මං හරි නේද ? ආ අර wish for life එකේ 2nd lead character එකේ යාලුවො සෙට් එකෙන් කෙනෙක්ට හිටියෙ ?

මං කියවගෙන ගියේ korean actress කෙනෙක්ව හැබහින් දැකපු පළවෙනි වතාව නිසා. අනික මෙයා සහය චරිත වලට හිටියට ඉටි රූපයක් වගේ ලස්සනයි.

" අහ්හ් ඔව් ඔව්. ඔයාට හොඳ මතකයක් තියනවනෙ. මම අමතර චරිතයක් විතරයි."
එයා හිනාවක් එක්ක කිව්වත් ලොකු අවුලකින් කියලා මට තේරුණා.

"එහෙම කියන්න එපා. ඔයා ඒ චරිත හොඳට මතක හිටින විදියට කළා.
ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියනවා..."

"ඒ මොකද්ද ?"

" ඔයා වගේ actress කෙනෙක් මෙහෙම තැනකින් නැවතුනේ ඇයි ? ඇයි මෙහෙම නිකායකට අහු වුනේ ?"

"ඒක දිග කතාවක්..." එයා කිව්වෙ හෙනම ලොකු සුසුමක් එක්ක.

"ඔයාට ඒක මතක් වෙද්දි අවුල් ද ?".

"දැන් ඒකෙ ගාණක් නෑ. ඔයා කැමතිද ඒක අහන් ඉන්න?"

"ඔව්.. මං කැමතී. කියන්න."

එයා ලොකු කතාවක් පටන් ගත්තා.
✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗✗

"මට දැන් වයස අවුරුදු 28ක්. මීට අවුරුදු දහයකට කලින් , මම high school යන කාලෙ ඉඳලා අවුරුදු 23 වෙනකන් මට ආදරයක් තිබ්බා.ඒ මගෙ පළවෙනිම ආදරේ නෙවෙයි. දෙවනි එක. ඒත් ඒ ආදරේ අවුරුදු පහක් තිබුණා.
මම ආදරේ කරපු කෙනා මට වඩා එක අවුරුද්දක් වැඩිමල්. එයාව ඔයාලා හැමෝම දන්නවා."

■● « 49 Pages with 49 Days »●■Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ