□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□ 49 Pages with 49 Days □■□●○
■□■□■□■□☆29☆□■□■□■□■______________________
2017.06.07
47ᵗʰ Day
(Laya pov)
______________________
සංහූන් ඊයෙ මාවත් එක්කගෙන දුවගෙන ආවෙ කවුරුවත් නොදන්න රහස් කුටියකට. සංහූන් ළඟ ඒකෙ යතුර තිබුණා. එයා දොර ලොක් කළා. අපි දැන් ඉන්නෙ ඒ කුටියෙ." සංහූන්... මොකද්ද මේ කාමරේ ? "
" ඒ... ඒක... මේ..... "
" ඇයි ? "
" ම්.. මම දන්නෙත් නෑ. න් නිකන් එන්න හිතුනෙ."සංහූන් ගොතගහන්න පටන් ගත්තා. ඒ නිසා මම ආයෙ කිසි දෙයක් අහන්න ගියේ නැහැ. මොකද මට තේරුණා මොකක් හරි හොරයක් තියනවා.
දවල් වෙනකොට කවුරු හරි එළියෙන් දොර අරින සද්දයක් ඇහුණා. අපි දෙන්නා ඉක්මනට ගිහින් ලොකු කර්ට්න් එක පිටිපස්සෙ හැංගුණා. ඒත් එක්කම එක ආරක්ෂකයෙක් අපි හිටපු කාමරේට ආවා. මම ගොඩක් බය වුනා අපිව අහු වුනා කියලා. ඒ වුනාට මම වැරදියි. එයා මූණට දාගෙන හිටපු වෙස්මූණ අයින් කළාමයි මම ඒ කවුද කියලා දැක්කෙ. කලින් වතාවක මට බෙහෙත් දාන්න ආවෙත් ඒ කෙනාමයි කියලා මට මතක් වුනා.
" උතුම්....."
" ඔ... එන්න. "ඒ කෙනා කියන්න ගියපු එක මැද්දෙන් නවත්වලා සංහූන් කතා කළා. ඇහෙන් මොකක් හරි ඉඟි කරනවා වගෙත් මම දැක්කා.
"ඔ... එන්න. ඔක්කොම ගෙනාවද ?"
" ඔව්. ගෙනාවා. මෙන්න කෑම. මේ තියෙන්නෙ මිස් ලයාගෙ බෑග් එක. සර්ගෙ ඇඳුම් ඇරෙන්න වෙන ඒවා නැහැනෙ නේද.. "
"ඔව්. මේ ටික තමයි. එළියෙ මොනවද වෙන්නෙ."
" ඊයෙ ටාස්ක් එකෙන් හතලිස් පස් දෙනෙක් මැරිලා. 160යි දැන් ඉතුරු. තව එකොළහක් තුවාල වෙලා."
" ඒ කියන්නෙ ඊයෙ ටාස්ක් එක ගොඩක් දරුණුයි. මම අරූට කිව්වා ඒක නවත්තපන් කියලා.
ටෝරු කිසිම දෙයක් අහන්නෙ නැහැ. ඌ ඕනවට වඩා නටනවා."
أنت تقرأ
■● « 49 Pages with 49 Days »●■
غموض / إثارة■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...