24 - ඩිසට් සහ ඩෙසට්

115 35 17
                                    

■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆24☆□■□■□■□■

____________________
2017.05.21
30ᵗʰ Day
(Laya pov)
___________________

ඊයෙ රෑ පූජාව ඉවර වෙලා අපි රෑ කෑම අරගෙන නිදාගත්තා. වෙන කිසිම දවසක නැති විදියට එදා අපිට කෑම කාලා ඊළඟට ඩිසට් එකක් දුන්නා. ඒකත් මොකක් හරි ඉඟියක් වෙන්න ඇති කියලයි අපිට නම් හිතුනෙ.

ඊයෙ හවස 6ට විතර seoul වල ඉඳලා අපි ආවෙ ඒ වෙද්දිත් එහෙට කලුවර වෙලා නිසයි. මෙයාලා අපිට ඉර එළිය වැටෙන්නෙ දෙන්නෙ නැහැ. ඒ නිසාම ගොඩක් අයගෙ හම වෙනස් වෙලා. දිලීර ආසාදන පවා ඇවිත් තිබුණා.

ලොකු බස් හයක් විතර අපිව එක්කගෙන යන්න ආවා. අපි ඒවාවල ගිහිල්ලා හාබර් එකකට ආවා. ඒකෙන් සාමාන්‍ය ප්‍රමාඹය්ව් බෝට්ටු ගොඩකට අපි හැමෝවම බෙදලා දැම්මා. බෝට්ටුවකට 20 දෙනා ගානෙ දාලා බෝට්ටු 16ක් ගියා. හැම බෝට්ටුවකම අපේ අය 20ට අමතරව ආරක්ෂකයො 20කුත් හිටියා.
අද දවසම අපි මේ බෝට්ටු ඇතුළෙ. එළියට යන්න දුන්නෙම නැහැ.

______________________
2017.05.22
31ᵗʰ Day
(Laya pov)
___________________

අද උදේ 5ට විතර අපිව එක්කගෙන ආවෙ කොහෙද මන්දා දූපතකට.
මම හිටිය කම්පැනි එකේ ලොක්කත් ආවා ගමනට. ඒ නාකි මිනිහගෙ මූණවත් බලන්න මට හිතුනෙ නෑ. ඒත් ඒ යකා මාත් එක්ක කතා කළා.

" ආ.. ලයා. "
"හඃ ඇයි මොකද "
" ඔයා ගොඩක් වෙනස් වෙලානෙ. මම හිතුවටත් වඩා හොඳයි."
" මොකද්ද කියන්න හදන්නෙ තමුන්."
" ඔයාව දැක්ක ගමන් මට හිතුනා ඔයා යක්ෂයෙක් වෙනවා කියලා. ඒත් මම හිතුවටත් වඩා...."

ඒ නාකියා කතාව ඉවර කරන්න කලින් සංහූන් එතෙන්ට ආවා. හැබැයි ඒ වෙලාවෙ සංහූන්ගෙ මූණ දැක්කම නම් ලොක්කා විතරක් නෙවේ මමත් ගැස්සුනා. ඒ තරම් නපුරු පෙනුමක් තිබ්බෙ.

" තමුන් ලැජ්ජ නැතුව ලයා එක්ක කතා කරනවද.. ඇයි තමුන් මැරෙන්නෙ නැත්තෙ "
" ම්... මොක.. මොකක් !!"
" අපි යමු ලයා."

සංහූන් එහෙම කියලා මාව එතනින් එක්කගෙම යන්න හැදුවත්.. එකපාරටම මට දැනුන අමුතු දෙයක් නිසා මම ආපහු ලොක්කා දිහා බැලුවා.

එයත් අපි වගේම අලුපාට කබායක් දාලයි හිටියෙ. ඒත් ඒක අපේ ඒවා වගේම එකක්මත් නෙවෙයි.

■● « 49 Pages with 49 Days »●■Dove le storie prendono vita. Scoprilo ora