■●■« 49 Pages with 49 Days »■●■
___________________________________________මේක එක්තරා කතාවක්.
මේ කතාව ඉස්සරහට කියවන් යන්න කලින් , මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්න. ඔයාගෙ හිතෙන් අහලා බලන්න. එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක් හිතන්න.
ප්‍රශ්නෙ පුංචි වුනත් මං බලාපොරොත්තුවෙන උත්තරේ ලොකු එකක්.1. මේ ලෝකෙ සුන්දර ද ?
2. ඔයා දකින හැම දේම ඇත්ත කියලා හිතනවද ?
3. රෝස මල හැමදාමත් ලස්සන ද ? සුන්දර ද ?
4. sunset එක බලන්න ආසද ?
5. කනත්තට බයයි ද ?
6. අලු පාට කියන්නෙ ලෝකය වසාගෙන ඉන්න පාට කිව්වොත් ඔයාගෙ අදහස මොකද්ද ?
7. ජීවිතය ගැන තියන මතය මොකද්ද ?
8. සීතල වතුර පිරුණ ගඟකට ,
සුදු පාට පෙණ පිපෙන දිය ඇල්ලකට,
එක පිට එක රැළි ගනග මුහුදට ආසද ?
9. ලස්සන , සුන්දර දේවල් වලට ආසද ?
10. වනවිනාශය ගැන මොකද හිතන්නෙ ? ඔයා ඔයාගෙ ජීවිතේ එක දවසක් හරි පැළයක් හිටවලා තියනවද ?මේ ප්‍රශ්න ටික විකාරයි වගේ ද ? අපිළිවෙලට ඔහේ අහපු ප්‍රශ්න ටිකජ් ද ? කිසිම තේරුනක් නැති ප්‍රශ්න ටිකක් ද ?
එහෙනම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.
ඔයාගෙ ජීවිතේ , ඔයාගෙ වටාපිටාවෙ ඉන්න අයගෙ ජීවිත ගළාගෙන යන්නෙ පිළිවෙලකට ද ?
මේ දේ මේ දවසෙ මේ විදියට විය යුතුයි කියලා හිතුවොත් ඒ දේ ඒ විදියට වෙනවද ? මිනිස් ජීවිත පිළිවෙල ද ?1 + 1 = 2 කියන්න සරළයි.
හැබැයි ,
එකයි එකයි කීයද ඇහුවොත් ?
1+1=2
1,1 = 11
මොකද්ද තෝරගන්නෙ ?සරළයි කියල හිතෙන හැම දෙයක්ම සරළයි ද ?
පටන් ගත්ත තැන ඉඳලම මේකෙ තිබ්බ හැම දේම ප්‍රශ්න මයි නේද ?
ඉතින් , පුංචි හරි
ප්‍රශ්නයක් නැතිව ගෙවුනු එක දවසක් වත් ඔයාගෙ ජීවිතේ තියනවද ?
________________________________මේ දේවල් ටිකට ඔයා ඔයාගෙ හිතෙන්ම උත්තර ඇහුවනම්.. දැන් මම මාතෘකාවට එන්නම්.
මේ කතාව , කතාවක් විතරක් නෙවෙයි. මේක death note එකක් වුනත් , මට ඕන මේ කතාවෙන් ඔයාලගෙ ජීවිතයට දෙයක් දෙන්න.
මමත් කැමති , ඔබ බහුතරයකුත් කැමති , "සුන්දර" රටක් කියන දකුණු කොරියාව එක්ක කතාව යන්නෙ.
හැබැයි මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. කොරියාවෙ තියන අඳුරු පැත්තක් එක්ක යන කතාවක්.
ESTÁS LEYENDO
■● « 49 Pages with 49 Days »●■
Misterio / Suspenso■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...