□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□ 49 Pages with 49 Days □■□●○
■□■□■□■□☆28☆□■□■□■□■______________________
2017.06.02
42ᵗʰ Day
(Laya pov)
______________________අද අපිව ආපහු කලවම් කළා. දැන් හතරදෙනා ගානෙ කණ්ඩායම් හැදිලා ඉන්නෙ. මට හම්බුනේ සං හූන් එක්ක තව පිලිපීන් පිරිම් ළමයෙකුයි මෙක්සිකෝවේ පිරිමි ළමයෙකුයි. අපි හතරදෙනාව කාමරේකට දාලා හිර කළා. පිරිමි තුන්දෙනෙක් එක්ක මම. හොදවෙලාවට සං හූන් මාත් එක්ක ඉන්නෙ. යේසං , ටෝරු දෙන්නම අපි එක්ක හිටියෙ නැහැ.
"යා... සංහුනා මේ මොකද්ද අප්පා. හිර කුටියක් වගේනෙ"
"ඒකනෙ. කිසිම කවුලුවකුත් නැහැ."
එකම එක පොඩි දොරකින් තමයි කාමරේට ඇතුල් වෙන්න තිබ්බෙ. කාමරේ කෙලවරක එක මේසෙකුයි පුටුවකුයි තිබ්බා. බිත්තිය අයිනෙ තිබ්බ පුංචි බල්බ් එකෙන් තමයි කාමරයට එළියක් වැටුනෙ.
වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වුනා. ටිකක් වෙලා බලන් ඉන්නකොට අමුතු දුමක් හීනියට කාමරේට එන්න පටන් ගත්තා. මොකක් හරි දරුණු දෙයක් කියලා නම් මට තේරුණා.
මම පැත්තකට වෙලා කල්පනා කලා මේ වගේ වෙලාවක කාමරේකට දාලා දුමක් එවන එකේ තේරුම මොකද්ද කියලා. ඒත් කිසි දෙයක් හිතුනෙ නෑ.
කාමරේ බිත්තියෙ ඔරලෝසුවක් තිබ්බා. වෙලාව රෑ 10ත් වෙලා. මෙතනට ඇවිත් පැය 16ක් ගතවෙලා. මට පුදුම රෑ දහය වෙලත් මටවත් අනිත් තුන්දෙනාටවත් නිදිමතක් නැති එක. අපි කතා කර කර ඔහේ හිටියා. කාටවත් නින්ද ගියේ නෑ.______________________
2017.06.03
43ᵗʰ Day
(Laya pov)
______________________අද උදේ වෙනකන් අපිට දැනුනෙ නෑ. ඊයෙ ඉදලම අපි කතා කර කර ඉන්නවා. මේ නිකායෙ භයානක දින 49 පටන් ගන්නකොට අපි වගේ අය 500ක් මේකෙ හිටියා. ඒත් අද වෙනකොට ඉන්නෙ 205 දෙනයි. roller coaster task ඒකෙන් 19ක් මැරිලා තිබුණා. තව පස් දෙනෙක් ඉදිරි දවස් ටිකට මුහුණ දෙන්න ශක්තියක් නැතුව සිය දිවි නසාගෙන. ඒක අපිට කිව්වෙ පිලිපීන කෙනා.
එන්න එන්නම මේ දේවල් අමරු වෙනවා. ඉතින් අපිට හිතුනා මේක සාමාන්‍ය එකක් වෙන්න බෑ කියලා. දෙවනි දවසෙදිත් කිසිම වෙනසක් තිබ්බෙ නෑ. කෑම දෙන්න ඇරෙන්න වෙන දේකට කවුරුවත් ආවෙත් නෑ. අපිට මුකුත් කිව්වෙත් නෑ.
YOU ARE READING
■● « 49 Pages with 49 Days »●■
Mystery / Thriller■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...