□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆10☆□■□■□■□■2017.05.04
13ᵗʰ Day - (පෙර කොටසේ තිබූ දිනයමයි.)
(author's pov)
____________________________________ලයා කරකියාගන්න දෙයක් නැතුව ගස් වල එල්ලි එල්ලි තියන මිනී දිහා බලාගෙන හිටියා. අතපය ගුලි කරගෙන ලයාත් හිටියෙ ගහක එල්ලපු කූඩුවක හිරවෙලා.
එදා මුලු රෑම එයාට ඉන්න වුනේ එහෙම. ඒ විදියට ඉන්නව ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුණෙත් නැහැ.
______________________________
2017.05.05
14ᵗʰ Day
(Author's pov)-------- කියවීමට අපහසු කොටස් තිබිය හැක.-------
______________________________උදෙ ඉර පායන්න ඔන්න මෙන්න තියෙද්දි ආරක්ෂකයො ඇවිත් ලයාව පහළට අරන් කූඩුවෙන් එළියට දාලා ගියා.
මැරුණු මිනිස්සුන්ගෙ ලේ පිරුණු කැළාවෙ ඒ බිම , සීතලේ , ලයා බිම දිගාවෙලා පැයක් විතර හිටියෙ කකුල් දෙකවත් දිගඇරගන්න බැරි වුන නිසා.
යන්තමට කකුල දිගඇරන් අඩිය තියන්න පුළුවන් වුන ගමන් ම ලයා කැළේ ඇවිදින්න පටන් ගත්තා. ඒ කැළේ හැම තැනම බෝනික්කො හිටියා. එයාලා මැරිලා වගේ... ඒ අතර මිනිස්සුත් ඉන්නවා ලයා දැක්කා.... !!
ලයා සාහසික වෙලා හිටියෙ. එයා අමාරුවෙන් ඇවිදලා ඉස්සරහට ගියා. ඒ යනකොට " කරස්" ගාලා දෙයක් එයාගෙ කකුළට පෑගුණා. ඒක අමුතුවට ලිස්සලා ගිහිල් ලයාව එතනම බිම වැටුණා. ලයාගෙ මූණ නැවතුනේ තවත් මූණක් ළඟ.
එයා කෑගහගෙන ආපහු නැගිට්ටා.ඒ බෝනික්කෙක්. හැබැයි එයාගෙ ඇතුළෙන් ඇරිච්ච තව ඇස් දෙකක් තිබ්බා. ඒවා මනුස්සයෙක්ගෙ ඇස් වගේ.
ලයාට පෑගිලා තිබුණෙ එයාගෙ අතක්. ඒක මනුස්ස අතක්. ලයා බෝනික්කගෙ මූණ ගැළෙව්වා.ඒක ඇතුළෙන් තිබ්බෙ පොඩි ළමයෙක්ගෙ මූණක්. එයාගෙ ඇස් දෙකම හිල් වෙලා. ලේ ගළලා ඒවා කම්මුල් දෙපැත්තෙ ගල් වෙලා තිබුණා.
කට ළඟ හොඳටම කැපිලා ගිහිල්ලා.ලයාට ලාවට මතක් වුනා.. ඒ එයා මරපු කෙනා නේද කියලා. ලයාට මතක් වුනා ඒ බෝනික්කගෙ ඇස් වලට එයා ඇන්නා කියලා.
ඒත්... , මෙතන ඉන්නෙ පොඩි ළමයෙක් !!!!
YOU ARE READING
■● « 49 Pages with 49 Days »●■
Mystery / Thriller■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...