□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆14☆□■□■□■□■2017.05.09
18ᵗʰ Day
(පෙර කොටසේ දිනයමයි.)
(author's pov)
____________________________________ඊතල වැදුණ සමහර අයගෙ හම දියවෙන්න පටන් අරගෙන කියලා කෙනෙක් කලබලෙන් ඇවිත් කිව්වා.
ඒක කියපු ගමන්ම සංහූන් අනිත් අයව අයින් කරගෙන එතනට ආවා. ඇවිල්ලා අතේ අල්ල මැද්දෙන් හරහට කපාගෙන ලේ අරගත්තා. මුලු අල්ලෙම ලේ තවරලා Idiot කියලා තිබ්බ අකුරු වලට පහළින් අත තියලා ලේ වලින් අතේ සටහනක් තිබ්බා." මේ මොකද්ද මේ වෙන්නෙ..."
" අන්න... අර බලන්න"
" දොර ඇරෙන්නද යන්නෙ..."
එක එක්කෙනා එහෙම කිව්වත් , එයාලා හිතපු විදියට දොර ඇරෙනව වෙනුවට password එකක් ගහන්න ආවා.
" මේ මොකද්ද වුනේ ?"
ශානිකාට මිනිස්සු අතරින් ලයා , සංහුම් හිටපු තැනට එන්න ලැබුණෙ ඒ වෙලාවෙදි." මටත් තේරෙන්නෙ නෑ. මෙහෙම එකක් මම හිතුවෙ නෑ."
සංහූන් කල්පනාවක ඉඳලම කිව්වා." එහෙම එකක් හිතුවෙ නෑ කියන්නෙ , මේ දොර ගැන ඔයා මොනව හරි දැනන් හිටියද ?"
" නෑ ලයා. මම එහෙම දන්නෙ නෑ. මට නිකන් හිතුනෙ."
" ඔය රණ්ඩුව නවත්තලා ටිකක් කල්පනා කරන්න අපි ඔක්කොම මැරෙන්න කලින්."
යේ සං කලබලෙන් එතනට ආවෙ." පාස්වර්ඩ් එකත් Idiot මයි ද ?"
ශානිකා නිකමට මතක් කළා." බලමු."
සංහූන් ඒක ටයිප් කරලා බැලුවා. ඒත් හරිගියේ නැහැ." ඔය නම අනිත්පැත්ත ගහලා බලන්න ඉතින්."
ලයා කල්පනා කර කර ඉඳලයි එහෙම කිව්වෙ." ආ එහෙම බලමු."
TOIDL
"ශිට්. ඒත් හරිගියේ නැහැනෙ"
" ඔය කීබෝඩ් එකේ තියන සයින් ටික මොනවද ?"
ඒ යේසං." දන්නෙ නෑ."
"ඉන්න බලන්න."
ලයා එහෙම කියලා සංහූන්ව අයින් කරලා එතනට ආවෙ වෙලාව නැති නිසා.ඒත් ඒ වෙලාවෙ අර කලින් ආපු , ටේයොංගෙ වගේ වොයිස් තිබ්බ ගෑණු ළමයා ලයාව තල්ලු කරලා කීබෝඩ් එක ළඟට ගියා.
CZYTASZ
■● « 49 Pages with 49 Days »●■
Tajemnica / Thriller■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...