"කුකී..... කුකී......."
"ටේ බබා"
ටේහ්‍යුන් බීච් එකෙ ඈත බලාගෙන ඉන්න ජන්කුක් ගාවට දුවගෙන එනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන ගමන් ලස්සනට හිනා උනා."මගෙ මැණික" ජන්කුක් තමන් ලගට දුවගෙන ආව ටේහ්‍යුන් ගෙ අත් දෙකම අල්ලා ගන්න ගමන් කොඳුරද්දී ටේහ්‍යුන් ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.
"කුකී"
ජන්කුක් ගෙ පපුවට ගහන ගමන් හිනා උන ටේහ්‍යුන් දිහා ජන්කුක් බලාගෙන හිටියා."කුකී අම්මාට කොහොමද දැන්"
ටේහ්‍යුන් අහනකොට ජන්කුක් ගෙ මෙච්චර වෙලා හිනාව උතුර උතුර තිබුන ඒ මූණ අදුරු වලායකින් වැහිලා ගියෙ ඉබේටම.ටේහ්‍යුන්ටත් ජන්කුක් ගෙ ඒ වෙනස තේරුනා.
"කුකී... අපි ඉක්මනට ඔපරේෂන් එක කරමු හරිද? මම සල්ලි ගෙනාවා"
ටේහ්‍යුන් කියද්දී ජන්කුක් ගෙ දෑස් දිලිසුනා."අනේ ගොඩක් ස්තූතියි ටේහ්‍යුන්."
ජන්කුක් කියද්දී ටේහ්‍යුන් සාක්කුවට අත දාලා සල්ලි දාපු පර්ස් එක අරගෙන ජන්කුක් ගෙ අතෙ තියලා හිනා උනා."ජන්කුක් මෙන්න. ලක්ෂ 100ම තියනවා"
ටේහ්‍යුන් තමන්ගෙ අම්මාගෙන් තමාට ඉතිරි උන එකම වස්තුව, අම්මා මැරෙන්න කලින් තමන්ගෙ කරෙ පැලැන්දුව මැණික් ඔබ්බපු රත්තරං මාලෙ කිසිම පසුතැවීමක් නැතිව උගස් කරලා ගත්ත සල්ලි ජන්කුක් ගෙ අතෙ තියන ගමන් හිනා උනා."ගොඩක් ස්තූතියි මගෙ මැණික"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් ලස්සන ට හිනා උනා."අම්මාව හොඳ කරන්න පුලුවන් වෙයි නේද කුකී?"
ටේහ්‍යුන් ඇහුවෙ බලාපොරොත්තු සහගතව. ඒ බලාපොරොත්තු සහගත ඇස් දිහා බලන වාරයක් වාරයක් පාසා ගල් හිතක් තිබුන ජන්කුක් ගෙ හදවත ඉබේටම වගෙ දිය උනා."ඔව් මැණික. අම්මාව හොඳ කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ මගෙ මැණික."
ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔලුව අත ගාලා කියනකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ තොල් උඩින් පුංචි හාදුවක් තිබ්බා."ජන්කුක් අද අම්මාව බලන්න යනවාද?"
"ඔව් බබා"
"මමත් එන්නද?"
ටේහ්‍යුන් අහනකොට ජන්කුක් කලබලෙන් ටේහ්‍යුන් දිහා බැලුවා.
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022