25 කොටස

1.3K 313 86
                                    


ජන්කුක් ටේහ්‍යුන්ට ටිකක් ඉන්න කියලා යුන්ගී හා ජිමින් එක්ක එතනින් ආව නිසා මූණත් නරක් කරගෙන ටේහ්‍යන් පැත්තක තිබුණු බෙන්ච් එකක් උඩ වාඩි වෙලා මුහුද දිහා ඔහේ බලාගෙන හිටියෙ ජන්කුක් ඉක්මනට එයි කියන බලාපොරොත්තුවෙන්....

"මාවත් එක්කගෙන යන්න එපායෑ යන තැනක... "
තමන්ටම කොඳුරා ගන්න ගමන් ඈත බලාගෙන හිටපු ටේහ්‍යුන් ගැඹුරු හුස්මක් අරගෙන ආයෙමත් කකුල් දෙක වනන ගමන් මුහුද දිහා බලාගෙන හිටියෙ, මීට කාලෙකට කලින් ජන්කුක් එක්ක බීච් එක ලග බෙන්ච් එකක් උඩ අත් අල්ලගෙන ඔහුට තුරුලු වෙලා හිටපු විදිය මතක් වෙලා. ඒ කාළෙ ජන්කුක් ඔහුව රැවැට්ටුවා කියලා ඔහු හොඳින් ම දැනගෙන හිටියත් තමන්ගෙ හදවතට ඒ දැනුන ආදරය බොරුවක් වෙන්න බෑ කියලා ඔහු විශ්වාස කලා. ඔව්. ඔහු විශ්වාස කලා එදා වගේම අදත් ජන්කුක් ඔහුට මුණ ගැහුන දා පටන්ම අඩු නැතිව ඔහුට ආදරය කල වග.. තමාව රවටන මුවාවෙනුත් ජන්කුක් තමන්ට ඇති වෙන්න ආදරය කල වග ටේහ්‍යුන් හොදින්ම දැනගෙන හිටියා...

"අයියො ඇයි අනෙ මෙච්චර වෙලා ගන්නෙ..."

හිමීට මුමුණපු ටේහ්‍යුන් තමන්ට ටිකක් එහා පැත්තෙන් පිරිමි දෙන්නෙක් එක්ක සෙල්ලම් කරන පුංචි දරුවෙක් දැක්කලා ඒ දිහා බලාගෙන හිටියා. ඔවුන් දෙදෙනත් තමන් හා ජන්කුක් වගේම 'ගේ කපල්' එකක් කියලා වටහාගත් ටේහ්‍යුන් ඔවුන් දෙදෙනා වෙනුවට ජන්කුක් හා ඔහු කුඩා දරුවා එක්ක සෙල්ලම් කරමින්, හැන්දාව පුරාවට කෙළිදෙලෙන් මුහුද අසබඩ කාලය ගත කරනවා මවා ගන්නා ගමන් සතුටු උනෙ යම් දිනෙක ඔවුන් දෙදෙනා ත් ඒ විදියට ඉදී කියලා බලාපොරොත්තු වෙන ගමන්.

"එයා අප්පා.... මම පපා..."

තමාටම කියා ගන්නා ගමන් හිනා උන ටේහ්‍යුන් ගෙ කල්පනාව බිඳුනෙ ඔහුට යමෙක් කතා කරනවා ඇහුන නිසා.

"අයියේ...."

"ඇයි පැටියො..?"
තමා දිහා බලාගෙන බැලුම් බෝලකුත් උස්සගෙන ඉන්න පුංචි දරුවා දෙස බලන ගමන් ටේහ්‍යුන් ආදරෙන් ඒ සිනිදු කම්මුල් අල්ලා යන්තම් මිරිකන ගමන් ලොකු කරගෙන ඉන්න ඔහුගෙ ඇස් දිහා බැලුවෙ ඔහු කුඩා දරුවන්ට ගොඩක් ආදරෙ නිසා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now