24 කොටස

1.3K 304 46
                                    

"එන්න මැණික අපි යමු..."
හිමීට ආදරෙන් කොදුරපු ජන්කුක් යුන්ගී එනවා දැකලා ටේහ්‍යුන්ගෙ කරෙ අත දාගෙන මුහුදු වෙරළට ගියෙ ටේහ්‍යුන් එක්ක ඇති වෙන්න ඇවිදින්න හිතාගෙන.....

"කුකී...... එන්නකෝ..."

එක පිට එක ඝෝෂාව නැගෙන නිල් පාටට බැබලෙන මුහුදු තීරය දැක්ක ගමන් පිස්සුවෙන් වගේ කෑ ගැහුව ටේහ්‍යුන් උඩ පැන පැන හිනා වෙවී මුහුද දිහාවට ගියෙ ගොඩක් සතුටින් හිනා වෙන ගමන්.
කාලයට පස්සෙ ලැබුනු නිදහස උපරිමයෙන් බුක්ති විදින්න හිතාගෙන කකුල් දෙකෙන් වෙරලෙ වැලි අවුස්සන උඩ දාන ගමන් ටේහ්‍යුන් මුහුද වෙරල දිගෙ දිව්වෙ ඒ පිටිපස්සට විසි වන වැලි ඇගෙ වැදි වැදී ජන්කුක් ටේහ්‍යුන්ගෙ පස්සෙන් දුවගෙන එනකොට.

"මැණික වැටෙයි... කෝ... හිමීට හිමීට...."
ටේහ්‍යුන් වේගයෙන් දුවනකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ පස්සෙන් හිනා වෙන ගමන් දුවගෙන ගියෙ යුන්ගී ජිමින්ගෙ කරෙ අත දාගෙන ජන්කුක් ටේහ්‍යන් දුවගෙන යන දර්ශනයත් එක්ක හිරු බැහැගන යන දර්ශනය ආසාවෙන් බලනකොට.

"කුකී....."
එක සැරේටම නතර වෙලා ටේහ්‍යුන් ආපහු ජන්කුක් දිහාවට හැරිලා අත දික් කරලා ඔහුව තමා ළගට කතා කරනකොට ජන්කුක් කිසිම කතාවක් නැතිව ටේහ්‍යුන්ව ඉනෙන් අල්ලාලා උස්සගත්තා.

"කුකී බිමින් තියන්න අයියෝ......."

"ඒ මොකද බබා.." ජන්කුක් ඇහුවෙ බොරුවට දුක හිතෙන විදියට ටේහ්‍යුන් දිහා බලන ගමන්.

"නෑ අනේ... මිනිස්සු දකීනේ"
ලැජ්ජාවෙන් මූණක් රතු කරගෙන අවට මිනිස්සු බලනවාද කියල වට පිට බලන ගමන් ටේහ්‍යුන් ලැජ්ජාවෙන් මුමුණනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා ආදරය පිරුනු ඇස් වලින් බලාගෙන හිටියා.

"ඉතින් මොකද ඔයා මගේ නෙ... මම ඔයාගෙනෙ.. කාටවත් මොකද?"
හිනා වෙන ගමන් මුමුණපු ජන්කුක් ටේහ්‍යුන් ගෙ ගෙල යන්තං සිපගෙන ආයෙමත් ඔහුගෙ තරු කැට වගේ දිලිසෙන ඇස් දිහා ආදරෙන් බලාගෙන හිටියා...

"බබා... කිස් එකක් දෙන්නකො..."
කටත් උල් කරලා ජන්කුක් ආදරයෙන් කියනකොට හිනාවකින් මූණ සරසා ගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගෙ කම්මුල් අත් අතරට අරගෙන ටිකක් නැවිලා ඒ දෙතොල් උඩ හිමිට ආදරණීය හාදු තවරනකොට ජන්කුක් ඇස් දෙකත් වහගෙන ඒ පහසට නතු උනේ හැමදාමත් ටේහ්‍යුන් සමග මේ වගෙ ආදරණීය දේවල් කරන්න ඕනෙ කියන ආසාවෙන්.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Waar verhalen tot leven komen. Ontdek het nu