05 කොටස

1.8K 385 46
                                    

"ටේහ්‍යුන් ඕක අත අරිනවා"
ටේහ්‍යුන් පිස්සුවෙන් වගේ ගන් එක ඔළුවට තද කරගෙන කෑ ගහනකොට ජන්කුක් ආපිට කෑ ගැහුවෙ එයාගෙ අතින් ටේහ්‍යුන් ගෙ ජීවිතයට හානියක් වෙයි කියන බයට

"ඉතින් මරන්න. ඒකනෙ ඕනෙ... මාව එපා මාව වදයක් කිව්වා නම් මට මෙච්චර වේදනාවක් නෑ. ඔයා මාව රැවැට්ටුවා ජන්කුක්. මගෙ ආදරේ සල්ලි වලට හිලව් කරලා දැම්මා."
ටේහ්‍යුන් කෑ ගහන ගමන් කියනකොට ජන්කුක් පිස්තෝලෙ තමන්ගෙ ලගට ඇදලා ගත්ත පාර ටේහ්‍යුන් විසික් වෙලා බිම වැටුනා

"අපි යමු"
බිම වැටීගෙන අඬන ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් ඔහුගෙ සේවකයන්ට අණ දෙනකොට යුන්ගී ඇස් දෙක ලොකු කරලා ජන්කුක් දිහා බැලුවෙ තරහින්

"ජන්කුක්!! තමුන් පිස්සෙක් ද? මූව මෙතන අත ඇරලා යන්න? ඌ ගාව තමුන්ගෙ නම්බරේ තියනවා. ඇත්ත නම්බරේ.   ඌ දන්නෙ තමුන්ගෙ ඇත්ත නම!! තමුන් අපිවත් එක්ක අනතුරෙ දානවාද?"
යුන්ගී ඇහුවෙ තරහින්.

"ඔය කොල්ලාට ඉන්න දෙනවා . "
ජන්කුක් යුන්ගී ට නොදෙවෙනි විදියට කෑ ගහද්දී ඔවුන්ගෙ සේවකයො පවා පුදුමයෙන් බලාගෙන හිටයා

යුන්ගී ඇස් දෙක ලොකු කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියෙ ජන්කුක් කාට කොහොම සැලකුවත් යුන්ගීට තමන්ගෙම ලේවලින් ඉපදුණු සහෝදරයෙක් ට වගේ සැලකුව නිසා.

මොහොතක් යුන්ගී දෙස බලාගෙන හිටපු ජන්කුක් තමන්ගෙ අතෙ තිබ්බ ඉටි බෑග් එකෙ සීල් කඩලා ඒ ඇතුලෙ තියන සුදු පාට ලිලී මල් පෙති මරණය උන තැන ලේ මතට දැම්මා.

ඒ තමා ජන්කුක් ගෙ ලාංඡනය!!

තමන් මිනී මැරුමක් කරපු තැනකින් ඉතිරි කරලා යන එකම සාක්ෂිය. සුදු පාට ලීලී මල් පෙති. පහුවදාට එන අපරාධ විමර්ශනයන්ට හම්බවෙන එකම සාක්ෂිය ලෙයින් පෙගුන සුදු පාට ලීලී මල් පෙති.

රට පුරා සිදු උන තේරුමක් නැති ලෙයින් පෙගුන සුදු ලිලී පෙති විසිරුණ ඝාතන, එකිනෙකට සම්බන්ධයක් දකින්න බැරි ඝාතන   කලෙ තමන් කියලා පෙන්වන්න ජන්කුක් ඉතිරි කරන එකම සලකුණ!!

"යමු"
බිම වැටිලා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව නොසලකා හැරපු ජන්කුක් පෙරමුණ ගත්තා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now