වසර දෙකකට පසු
වේගයෙන් ඉහල පහල යන රල පෙල දෙස සංසුන් දෑසින් බලාගෙන සිටින තරුණයෙකි. සුදුමැලි වූ කම්මුල් , වියලී ගිය දෑස් , පැලී ගිය දෙතොල් කාලයක් තිස්සෙ බොහො කදුලු හෙලා දුක් ගිනි ඉසිලුව බවට සාක්ෂි කියා පෑවා. ඔහුගෙ ගෙලහි වූ රන් පැහැති මැණික් ඔබ්බවූ මාලය අතින් අත ගාමින් ඔහු පැරණි මතකයන්ගෙන් පිරි ගිය හිරු බසින මුහුදු තීරය දෙස දෑස් යොමු කරගෙන සිටියදී , බොහො කාලයක් තිස්සෙ සැලවූ කදුලු එක පිට එක පල්ලම් බසින්නට ගත්තෙ ඔහුටත් නොදැනීමයි.
"ටේ... අපි යමු.. එයා අද එන්නෙ නෑ...."
ඔහුගෙ පසෙකින් විත් වාඩි උන ඔහුගෙ මිත්‍රයා ජිමින් ඔහුගෙ කරට අත දාන ගමන් කියද්දී ටේහ්‍යුන් නම් වූ ඔහු ජිමින්ගෙ පපුවට තුරුල් උනා"නෑ.. ජි..මින් අද එයි"
"ටේ.... බබා. දැන් සීතල වෙනවා එන්න එන්න. අපි යමු නේද ගෙදර.... යුන්ගිත් බලාගෙන ඉන්නවා....."
ජිමින් කීවේ ටේහ්‍යුන්ව තවත් තුරුලට ගන්න ගමන්"එයා හරියටම මෙතනයි ජිමින් මට ප්‍රපෝස් කලෙ... එයා කිව්වා වෙරල මායිම කියන්නෙ ලෝකය අවසාන කරන ස්ථානය උනාට තවත් ලෝකයක ආරම්භය සනිටුවහන් කරන ස්තානය කියලත්... මම කවදාවත් හිතුවෙ නෑ ජිමින් ජන්කුක් ඇවිත් ආයෙමත් මාව අලුත් ලෝකයකට එක්කගෙන යනකම් මට මෙතනට වෙලා බලාගෙන ඉන්න වෙයි කියලා......"
හිමිහිට කොදුරපු ටේහ්‍යුන්ට ඔහුව පාලනය කර ගන්න බැරි උන තැන වෙව්ලන්න ගන්නකොට ජිමින් ඔහුව ඔහුගෙ පපුවට තුරුලු කරගත්තා.
"ජිමි...න් මුහුදෙ රල කොච්චර ලස්සනට ශක්තිමත්ව ඉහලට නැග්ගමත් ඒ රල වෙරලෙ වැදිළා බිඳිලා යනවා... හරියට අපේ ජීවිතෙ වගේ... කොච්චර ශක්තිමත් ව ඉහලට නැග්ගත් අවසානෙ කොයි මොහොතක හරි බිදෙනවා...."
ටේහ්‍යුන් කීවේ වෙරලෙ හැපි හැපි බිදෙන අයුරු බලාගෙන.
"ටේ.... ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ...?"
ජිමින් ඇහුවෙ කවදාටත් වඩා කණගාටුවෙන්."මට රිදෙනවා ජිමින්... මට හුගක් රිදෙනවා... ඒත් ඒ වේදනාව පිට කර ගන්න මට අඩන්න වත් බෑ... මට ඒ පපු තුරුලට ගුලි වෙලා අඩන්න ඕනෙ ජිමින්... මට ඇති වෙනකම් අඩන්න ඕනෙ... ඒත් මට ඒක කරන්න බැරි වෙලා ජිමින්.. මේ පපුව රිදෙනවා.. දරා ගන්න බෑ මට මේ වේදනාව.... ඒත් මම මට ඒ වේදනාව දුන්න කෙනා වෙනුවෙන්ම ඒ වේදනාව ඉවසනවා ජිමින්... රිදෙනවා... හුගක් රිදෙනවා..."
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022