32 කොටස

1.1K 295 77
                                    

"ජන්කුක්.... ජන්කුක් නැගිටින්න...."

"ජන්කුක්..."

තමන්ගෙ උරහිසට කවුරුන් හෝ තට්ටු කරනවා දැනෙද්දී ජන්කුක් හිමීට තමන්ගෙ ඇස් දෙක ඇරියා.

"ජන්කුක්..."

"යුන්ගි .."
තමන්ගෙ ඉස්සරහ වේදනාව ඇස් වල පුරවාගෙන ඉන්න යුන්ගි දැක්කම ජන්කුක්ගෙ හදවතට කියා ගන්න බැරි තරමේ වේදනාවක් දැනුනා.

"ජන්කුක්..."
යුන්ගී ආයෙමත් කතා කරනකොට තමන්ගෙ තුරුලෙ ගැඹුරු නින්දකට වැටිලා ඉන්න ටේහ්‍යුන්ව කොට්ටෙ උඩින් තියලා කිසි කතාවක් නැතිව ඇදෙන් බිමට බැස්ස ජන්කුක් නිදාගෙන ඉන්න ටේහ්‍යුන් ගෙ සුරදූතයෙක් වගෙ අහිංසක රූපය දිහා බැලුවා.

"ජන්කුක් පො...පොලිසියෙන් ඇවි..ත් ඔයාව arrest කරන්න ඕනෙ කියලා කිය...නවා..."
යුන්ගී ගොත ගහන ගමන් කියනකොට ජන්කුක් ඔලුව වැනුවෙ බොහොම සංසුන්ව, හරියට ජන්කුක් මේ මොහොත කොයි මොහොතේ හෝ උදාවෙයි කියලා දැනගෙන උන්නා වගේ...

"මම එන්නම්..."
හිමීට ජන්කුක් මුමුණන කොට ටිකක් ඉස්සිලා ජන්කුක් ගෙ ඔලුව අත ගාපු යුන්ගී එතනින් යන්න ගියෙ කතා කරන්න වචන එකතු වෙන්නෙ නැති කොට. අවුරුදු ගානක් තිස්සේ තමන්ගෙ එකම සහෝදරයා විදියට උන්නු ජන්කුක් මේ විදියට තමන්ගෙන් වෙන්වෙලා යනවාය කියන කරුණ යුන්ගීට දරා ගන්න බැරි කොට යුන්ගී ගෙ හිත කොනක හරි තිබුන පුංචිම පුංචි බලාපොරොත්තුව උනෙ ජන්කුක් ව කොහොම හරි බේරා ගන්නවා කියලා , ජිමින් දුන්න පොරොන්දුව විතරමයි.

යුන්ගී පිටව යනවා බලාගෙන හිටපු ජන්කුක් නිශ්ශබ්දව වොෂ් රූම් එකට ගිහින් ඇදුමක් දාගෙන එලියට එනකොටත් සිද්ධ වෙන දේ ගැන පුංචිම හෝ අවබෝධයක් නොමැතිව ටේහ්‍යුන් ඇදෙ ගුලි ගැහිලා නිදාගෙන ඉන්න විදියට ජන්කුක් බලාගෙන හිටියා.... ටේහ්‍යුන්ගෙ නිරුවත් උඩු කය පුරා තිබුන ඔහු වින්ද වේදනාවල සලකුණු ඇද පාමුල දණ ගහපු ජන්කුක් සියුම්ම සිප ගනිද්දී ටේහ්‍යුන් නින්දෙන් ම කෙදිරි ගාන ගමන් තවත් ගුලි උනා.

මොහොතක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු ජන්කුක් කඩබ් එක ලගට ගිහින් ලොකර් එක ඇරලා ගත්තෙ පුංචි බොක්ස් එකක්. ටේහ්‍යුන් ලගට ඇවිදගෙන ගියපු ජන්කුක් ඒ බොක්ස් එක ඇරලා ඒක ඇතුළෙ තිබුණු මාලෙ අතට ගත්තා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now