ටේහ්‍යුන් ගෙ ඇගිලි තුඩු ජන්කුක් ගෙ හිස කෙස් අතරට යනවා ජන්කුක් ට දැනෙනකොට ජන්කුක් තමන්ගෙ ඇස් හිමීට විවෘත කලා.
"ටේ මැණික"
ජන්කුක් තමන්ගෙ කටහඬ පුලුවන් තරම් මෘදු කරලා ඇහුවේ තමන්ගෙ හිස අත ගාන ටේහ්‍යුන් දිහා බලන ගමන්. ඒ ඇස් වල තාමත් කදුලු පිරිලා."මැණික ඇයි... රිදෙනවා නේද මගෙ මැණිකට"
ටේහ්‍යුන්ගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුලු ඇස් දෙකෙන් එලියට පැනලා ඔහේ කම්මුල් දිගෙ ගලාගෙන යනකොට ජන්කුක් මිමිණුවේ ඒ කඳුලු කැට අතින් පිහදන ගමන්.ටේහ්‍යුන් ඒ අතර ඔලුව වැනුවෙ නෑ කියන්න උනත් වෙනදාට ලේ දැක්කම වියරු වැටිලා, තව තව ලේ පිපාසයෙන් ලේ ඉල්ලලා හඬ තලපු ජන්කුක් ගෙ හදවතම අද ටේහ්‍යුන්ගෙන් ගලාගෙන යන රුධිරය කඳුලු බිඳු වෙනුවෙන් වේදනාවෙන් හිරි වැටෙනකොට.
"මැණික ඇඳුම් මාරු කරන් එන්නකො අපි කමු"
වෙලාව බලන ගමන් ජන්කුක් මුමුණනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා ඔහේ බලාගෙන හිටියා."අමාරුද? මම ඇඳුම් මාරු කරන්න උදව් කරන්නද?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔලුව අත ගාන ගමන් අහනකොට දෙපැත්තට ඔලුව වනපු ටේහ්‍යුන් කලබලෙන් ඇදෙන් බිමට බැස්සෙ ජන්කුක් නවතී කියන බයට"මම ඇදුමක් දාගෙන එන්නම් මැණික"
කබඩ් එකෙන් ෂර්ට් එකක් අරගත්ත ජන්කුක් එලියට ගියෙ තමන් දිහා ඇස් පිය නොහෙළා බලාගෙන ඉන්න ටේහ්‍යුන් එක්ක හිනා වෙන ගමන්.ෂර්ට් එකත් අරගෙන එළියට ආව ජන්කුක් යුන්ගී තාමත් ගෙදර ඇවිත් හිටියෙ නැති නිසා යුන්ගිගෙ කාමරයට ගිහින් චේන්ජ් කරගෙන ආපහු නිදන කාමරය යද්දී ටේහ්‍යුන් ඇදුම් මාරු කරගෙන ඇද උඩ වාඩි වෙලා හිටියා. බිම පුරා විසිරිලා තිබුණු ටේහ්‍යුන්ගෙ ලේ ගෑවුන ඇදුම් එකට කරලා ඒ උඩට තමන්ගෙ ඇදුමත් දාපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන නැගිට්ටෙව්වා
"ටේ... රිදෙනවාද?"
ජන්කුක් ඇහුවත් ටේහ්‍යුන්ගෙන් උත්තරයක් නැති තැන ඔහුගෙ හිස අත ගාලා අතින් අල්ලගෙන පඩි පෙල බැහැලා කෑම කාමරයට ආවෙ සේවකයො කීප දෙනෙක් ජන්කුක් දිහා පුදුමෙන් බලාගෙන ඉන්නකොට.
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022