07 කොටස

1.8K 385 108
                                    

ටේහ්‍යුන් ඇදට වෙලා වකුටු වෙලා හිටියා බලාගත්ත අත බලාගෙන. අදට දවස් දෙකක් වෙන්වා ටේහ්‍යුන් ව ජන්කුක් ගෙදර ඇතුළෙ හිර කරගෙන තියාගෙන ඉදලා. ගත උන දවස් දෙක තුල ටේහ්‍යුන් ජීවිතෙ ගෙව්වෙ ගොලුවෙක් වගෙ. ජන්කුක් කොච්චර ලගට ඇවිත් කතා කලත් ටේහ්‍යුන් වචනයක් වත් කතා නොකට ඇදට වෙලා නිදාගෙන ඔහේ හිටියා.

ජන්කුක් කොච්චර කවන්න උත්සාහ කලත් ටේහ්‍යුන් බත් කටවල් දෙකකට වඩා කෑ වෙ නෑ. ටේහ්‍යුන් හැම තිස්සෙම කීවෙ මිනී මරුවෙක් ගෙ ලේ තැවරුණු අත් වලින් උයන කෑම එයාට එපා කියලා.
ටේහ්‍යුන්ට මොනවා හරි වෙයි කියන බයට ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔලුවට ගන් එකක් තියලා කාපන් කියලා තර්ජනය කරනකොට ටේහ්‍යුන් කලෙ හිනා වෙලා 'ඉතින් මරලා දාන්න' කියලා ඉල්ලපු එක විතරයි.

අදත් ඇදට වෙලා ඇල වෙලා සිවිලිම දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා ජන්කුක් දොර ළග ඉඳන් බලාගෙන හිටියා.

"ජන්කුක් වරෙන්"
ජන්කුක් ආවෙ නැති නිසා යුන්ගී උඩට ඇවිත් ජන්කුක් ට කතා කලෙ කාමරෙ ඇද උඩ නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලන ගමන්.

"ඕකෙ යමු"
හිමිට කිව්ව ජන්කුක් යුන්ගිත් එක්ක එතනින් යනකොට ටේහ්‍යුන් ඇස් කොනින් ජන්කුක් යන දිහා බලාගෙන හිටියා.

හරි හැටි කෑම බීමක් වත් නැතිව අඩපණ වෙලා හිටපු ටේහ්‍යුන් ඇදෙ කෙලින් වෙලා ඉදගත්තෙ ලොකු හුස්මක් ගන්න ගමන්. ඇදට යාබද තියන වතුර පුරවපු ජග් එක දිහා බලපු ටේහ්‍යුන් ඒකට අත දිග් කලෙ දරාගන්න බැරි තරමින් බඩගින්නක් දැනුන නිසා. ඒත් එක්කම ටේහ්‍යුන් ඊට එහා පැත්තෙ නමලා තියලා තියෙන පත්තරෙ  හෙඩ් ලයින් දැක්කා.

'ලීලි මල් පෙති සලකුණු පමණක් ඉතුරු කර යන ඝාතකයා'

හෙඩ් ලයින් එක දැක්ක ගමන් ගැස්සුන ටේහ්‍යුන් පත්තරෙ අතට අරගෙන කියවන්න ගත්තා.

ලිලී මල් පෙති සලකුණු ඉතිරි කර යන රට පුරා විවිධ ප්‍රදේශ වල සිදු උන ඝාතන සිද්ධීන්ට වග කිව යුතු යැයි සැලකෙන නම් නොදත්, සැගවුණ ඝාතකයා හේසං වීදියෙ ප්‍රසිද්ධ ව්‍යාපරික ජන් ජුන් ජේ මහතාව හා එම නිවසෙ රාත්‍රී සේවය කල කෝකියාව නිවස තුලම ඝාතනය කර ඇති අතර, මුරකරු නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර ඇත. නිවසේ සේවය කල සේවකයන්ගෙන් කට උත්තර ලබා ගත් අතර , නිවසෙ සේවය කල සේවක පිරිමි දරුවෙක් පිලිබද තවමත් වාර්තා වී නැත.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now