"කවු...ද ඔයා... අනේ... මාව අ..ත අරින්න..."
"ඒ ටේහ්‍යුන් නේද?"
තමාටම කියා ගන්න ගමන් නැගිට්ට ජන්කුක් යුන්ගී දිහා බලනකොට යුන්ගී හා ජිමින් නැගිට්ටෙත් පුදුමෙන්."ඒ පාර මොකද?"
තමන්ටම කියා ගත්ත යුන්ගී ඉස්සරහින් දුවගෙන යන ජන්කුක් ගෙ පිටිපස්සෙන් එනකොට ජිමින් යුන්ගීගෙ පිටිපස්සෙන් ආවා."තමුසෙ කවුද? අත ඇරපන් එයාව"
ටේහ්‍යුන්ගෙ ඔලුව පිස්තෝලයක් තියාගෙන ඉන්න පොලිස් ඇඳුමෙන් ඉන්න නිලදාරියෙක් ජන්කුක් දිහා සමච්චල් සහගත විදියට බලාගෙන ඉන්නකොට ජන්කුක් කෑ ගහලා කීවේ ඔහුගෙ කටහඬෙ වෙව්ලීම පාලනය කරගන්න උත්සාහ කරන ගමන්.සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදී ජන්කුක් කලබල නොවුනත් එතන ඔලුවට තියපු පිස්තෝලයක් එක්ක අසරණ ඇස් වලින් කදුලු පුරවාගෙන තමන් දිහා බලාගෙන හිටියෙ ජන්කුක් ගෙ එකම ආදරේ.
"ජ...න්..කූ..."
ටේහ්‍යුන් ඇස් වල කදුලු පුරවාගෙන ජන්කුක් ගෙන් තමන්ගෙ ජීවිතය බේරලා දෙන්න කියලා ගොඩක් අසරණ විදියට ඇස් දෙකෙන් ඉල්ලනකොට ජන්කුක් පොලිස් ඔෆිසර් දිහා බැලුව."සර් මොකක් ද ප්‍රශ්නෙ? එකපාරටම ගෙවල් වලට පැනලා මනුස්සයෙක්ගෙ ඔලුවට ගන් එකක් තියන්න බැහැ. කෝ උසාවි නියෝගයක් තියනවාද? කෝ වරෙන්තු? පෙන්වන්න බලන්න"
තරහෙන් වෙව්ලමින් ඉන්න ජන්කුක් ගෙ අත අල්ලගෙන සංසුන් කරන්න උත්සාහ කරන ගමන් යුන්ගී තර්ජනාත්මක විදියට ඔෆිසර්ට කිව්වා."මිස්ටර් ජියොන්?"
"ඔව්. මම තමා"
යුන්ගීව නොසලකා හැරපු පොලිස් නිලධාරියා ජන්කුක් දිහා බලලා කතා කරනකොට තරහෙන් පුපුරන ඇස් වලින් ඔෆිසර් දිහා බලන ගමන් ජන්කුක් කෙඳිරුවා."මේ බෝයි කවුද? මම දන්න විදියට ඔයා ඉන්නෙ මිස්ටර් මින් එක්ක. එතකොට මේ අතරමැදිකරු වෙන්න ඕනෙ. එතකොට මූ කවුද?"
ජිමින්වයි යුන්ගී වයි පෙන්වන ගමන් ඔෆිසර් කියද්දී ජන්කුක් ගෙ ඇස් උඩ ගියා.මෙච්චර දේවල් දැන ගත්තෙ කොහොමද
යුන්ගී එක්ක බැල්මක් හුවමාරු කර ගත්ත ජන්කුක් ඔෆිසර් දිහා බැලුවා
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022