27 කොටස

1.2K 290 77
                                    

"මැණික... මැණික නැගිටින්නකො..."
තමන්ට තුරුලු වෙලා ගැඹුරු නින්දකට වැටිලා ඉන්න ටේහ්‍යුන්ට ජන්කුක් කතා කලත්, වේගවත් හුස්මක් පිට කරපු ටේහ්‍යුන් ජන්කුක් ට තව තවත් තුරුලු උනෙ නින්ද අතරින්මයි.

"කෝ බබා... නැගිටින්නකො... දැන් දවල් වෙලා.."
තමන්ට තුරුලු වෙලා ඉන්න ටේහ්‍යුන්ව ටිකක් එහාට කරපු ජන්කුක් කෙලින් වෙලා ටේහ්‍යුන්වත් කෙලින් කරනකොට, යන්තම් ඇස් ඇරපු ටේහ්‍යුන් නිදි මතේම ජන්කුක් ගෙ උරහිසට බෙල්ල තියාගත්තා.

"කෝ බබා... නැගිටින්න... එන්න වොෂ් කරන්න.."
බොරු තරහවක් මවා ගත්ත ජන්කුක් නැගිටිලා ටේහ්‍යුන් ව ඔහුගෙ අත් අතරට අරගෙන වෝෂ් රූම් එකට ගිහින් නිදි මතෙ හිටපු ටේහ්‍යුන්ව බාත් ටබ් එක ඇතුලින් තිබ්බෙ තමන් එක්කම හිනා වෙන ගමන්.

"මම පහලට ගිහින් වොෂ් කරන් එනවා.. බබා මම එනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනෙ හරිද?"
නිදි මතෙ එක ඇහැක් පියවගෙන අනෙක් ඇහෙන් ජන්කුක් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලනගමන් ටිකක් සැරෙන් ජන්කුක් පකීවේ ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටු කරන ගමන්.

"ම්...."

"ආයෙ නිදා ගන්නෙ එහෙම නෑ.."
නිදිමරගාතෙ තමන්ට උත්තර දෙන ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් දොරත් ඇරගෙන එතනින් යන්න ගියෙ ටේහ්‍යුන්ව වොෂ් රූම් එක තුල තනි කරලා.

පහලට ආව ජන්කුක් වොෂ් කරගෙන ආයෙමත් කාමරයට එනකොටම ටේහ්‍යුනුත් බාත් රොබ් එකත් ඇදගෙන එලියට ආවෙ ඇහැකුත් පොඩි කර කර.

යන්තම් කොර ගහ ගහ එන ටේහ්‍යුන් ගාවට ගියපු ජන්කුක් එක් වරම ඔහුව ඔහුගෙ අත් අතරට ගන්නකොට ටේහ්‍යුන් කිසි කතාවක් නැතිව ජන්කුක් ගෙ බෙල්ල වටෙ අත් පටලවා ගත්තා.

"මම මගෙ මැණිකට ගොඩක් රිද්දලා නේද?"
ජන්කුක් ඇහුවෙ කණගාටුවෙන්.

"අනේ නෑ කුකී... මට රිදෙන්නෑ..."
ජන්කුක් ගෙ බෙල්ල වටෙ අත් පටලවගෙන ටේහ්‍යුන් කියනකොට ජන්කුක් කිසි කතාවක් නැතිව ඔහුව ඇද උඩ තියලා ඔහුට ටීෂර්ට් එකකුයි ෂෝටකුයි අරගෙන දුන්නා.

"එහෙනම් කොර ගැහුවෙ ඇයි..?"
ජන්කුක් ඉස්සරහ ම බාත් රොබ් එක ගලවලා ඇදුම් අදින ටේහ්‍යුන් දිහා බලන ගමන් ජන්කුක් අහනකොට ටේහ්‍යුන් හිනා උනා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now