02 කොටස

1.9K 418 74
                                    

පහුවෙනිදා හවස් වෙනකොට වෙනදා වගේම ටේහ්‍යුන් බීච් එකට දුවගෙන ගියෙ ජන්කුක් ව බලන්න.

පැයක්...

දෙකක්....

නෑ... ඊටත් වැඩී... ජන්කුක් එනකම් ඈත මුහුද දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියෙ ජන්කුක් කීයට හරි එයි කියන බලාපොරොත්තුවෙන්. 

අනාත නිවාසයට යන්න වෙලාව පහු වෙනකොට , මුහුද පැත්තෙන් වේගෙන් සීතල සුළං හමනකොට ටේහ්‍යුන් ඉදගෙන හිටපු බෙන්ච් එකෙම ගුලි වෙලා ඈත බලාගෙන හිටියා.

"ජන්කුක් ට මොකක් හරි වැඩක් වැටෙනා ද දන්නෙ නෑ"
ටේහ්‍යන් තමාටම කියා ගත්තෙ තොලත් හපාගෙන.

වෙනදා හවස 3 වෙද්දී බීච් එක ලගට වෙලා හිටගෙන ඉන්න ජන්කුක් ගෙ සේයාව අද පේන්න නැත්තෙ ඇයි කියලා ටේහ්‍යන් ට නොතේරුනත්, ටේහ්‍යුන් ජන්කුක් ව ඇස් දෙක වගෙ විශ්වාස කලා.

ඇස් දෙක වහගෙන බෙන්ච් එක උඩ වාඩි වෙලා සුසුමක් හෙලපු ටේහ්‍යුන් සාක්කුවට අත දාදා දිව්වෙ කඩේකට එයාගෙ කුකීට කෝල් එකක් ගන්න.

කෝල් එක ගන්න සල්ලි මදි උනත් ටේහ්‍යුන් එක්ක කලින් කතා බහ කරලා ටේහ්‍යුන් ව අදුරගෙන හිටපු නිසා කඩේ ගෑනු කෙනා ටේහ්‍යුන්ට කෝල් එක ගන්න අවසර දුන්නා.

"හෙලෝ..."
එහා පැත්තෙන් ජන්කුක් ගෙ කඩහඩ ඇහෙනකොට ටේහ්‍යුන්ට දැනුන සතුට නිමක් නෑ.

"හෙලො කුකී..."
ටේහ්‍යුන් කතා කරනකොට, ඒ වෙව්ලන කටහඬ ඇහෙනකොට ජන්කුක් කෝල් එක කට් කලා.

"හෙ...හෙ ලො..? අනෙ කට් උනානේ... මම ආයෙත් ගන්නද ඇන්ටි?"
ටේහ්‍යුන් ගොඩක් අහිංසක විදියට අහනකොට ඒ ගෑණු කෙනා අකමැත්තෙන් උනත් ඔලුව හෙලෙව්වාම ටේහ්‍යුන් ආයෙ ඩයල් කලා.

"හෙලො කුකී... මම ටේ .... කුකී අද එන්නෙ නැතිද ඔයා?"
ටේහ්‍යන් ගොඩක් බලාපොරොත්තු සහගතව ඇහුවෙ ජන්කුක් තව ටිකකින් එනවා කියලා කියයි කියන බලාපොරොත්තුවෙන්...

"ආ ටේහ්‍යුන්.. මම තමුසෙට කියන්න හිටියෙ. මට තවත් තමුසෙව එපා. තමුසෙ කුණු ගොඩක්. කාත් කවුරුවත් නැති ගොඩෙ එකෙක්. ඒකත් තමුන් කොල්ලෙක්. සෝ සොරි ටේහ්‍යුන්, ඒත් මම ගේ නෙවෙ. මට කොල්ලෙක් ට තවත් ආදරය කරන්න බෑ. "
ජන්කුක් එක හුස්මට කියද්දී ටේහ්‍යන් ආයෙමත් බැලුවෙ එයා ඩයල් කරපු නම්බර් එක හරිද කියලා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Tempat cerita menjadi hidup. Temukan sekarang