23 කොටස

1.4K 329 103
                                    

"මැණික..... මැණික... කෝ එන්නකො ඉක්මනට...."

"හරි කුකී... මේ එනවා අයියො....."
කලබලෙ කෑ ගහන ජන්කුක්ට උත්තර දෙන ගමන් ටේහ්‍යුන් ඉක්මනට දුවගෙන ඇවිත් ජන්කුක් ගෙ අතෙ එල්ලුනෙ හිනා වෙන ගමන්.

"කෝ ජිමින්..?"

"වෑන් එකට නැග්ගා යුන්ගී එක්ක.. ඔයා පරක්කුයි අනේ... ඔච්චර හැඩ වෙන්න මොකටද?"
තරහෙන් කොඳුරන ගමන් හුරතල් විදියට තමන්ගෙ අතෙ එල්ලිලා හිනා වෙවී හිටපු ටේහ්‍යුන් ගෙ නහය අතින් මිරිකන ගමන් ජන්කුක් කීවේ ටේහ්‍යුන් හිනා වෙන ගමන් ජන්කුක් ගෙ පපුවට ගහනකොට.

"මොකක්ද අනේ කුකී... ඔයාට පේන්න නෙ මම හැඩ වෙන්නෙ..."
හිනා වෙන ගමන් කීව ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුවට අත තියලා ඒ පපුවෙ උණුහුමට තුරුලු වෙනකොට කිසිවක් කියන්නෙ නැතිව ජන්කුක් ටේහ්‍යුන්ව තමන්ගෙ පපුවට තවත් තුරුලු කර ගත්තා.

"මගෙ මැණික..."
ආදරෙන් හිස සිප ගන්න ගමන් කොදුරපු ජන්කුක් හිමීට ටේහ්‍යුන්ගෙ කෙස් අතරින් තමන්ගෙ ඇගිලි තුඩු ගෙනිච්චෙ ටේහ්‍යුන් ඔහුගෙ දෑස් වහගෙන ජන්කුක් ගෙ පහසට නතු වෙනකොට.

"ආදරෙයි නේද මට..."
හැමදාමත් වගේම ජන්කුක් ගෙ ආදරණීය ස්පර්ශය හමුවෙ සැකයක් නැතිව ඒ හදවතෙ පිරිලා තිවුන ඒ ආදරය ටේහ්‍යුන්ට දැනුනත් ඒ කටින් 'ආදරෙයි' කියන වචනය අහන්න ආසා කරපු නිසා ටේහ්‍යුන් ජන්කුක් ගෙ හිමීට ඇහුවා.

"ඔයාට නැතිව වෙන කාට මම ආදරය කරන්නද මගෙ මැණික... මගෙ පණ... මගෙ ජීවිතෙ ඔයා විතරමනෙ මගෙ රත්තරං......"
ජන්කුක් කීවෙ තමන්ගෙ හිතෙ උතුරා යන සෙනෙහසින් පුංචිම පුංචි සෙනෙහසක් විතරක් ටේහ්‍යන්ට පෙන්වන ගමන් කීවත් ඒ ආදරය හොඳටම දැනුන ටේහ්‍යුන් ඇස් වල කදුලු පුරෝගෙන ඇස් දෙක පියා ගත්තා..

කදුලු පුරෝගෙන කිසිවක් කිව්වෙ නැති ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඉන වටා අත දාගෙන ජන්කුක් ගෙ පපු තුරුලෙ උණුහුමෙ ගුලි වෙනකොට ජන්කුක් ඇස් දෙක වහගෙන ටේහ්‍යුන්ව හිස සිප ගෙන හිටියා.




"තොපි දෙන්නා පොල් ගානවද යකො... වරෙල්ලා ඉක්මනින් රෑ වෙන්න කලින්...."

වැන් එක ඇතුලෙ ඩ්‍රයිවින් සීට් එකෙ වාඩි වෙලා හිටපු ඉවසිල්ලක් නැති යුන්ගී කෑ ගහන ගමන් මහ හයියෙන් හෝන් එක ගහනකොට ජන්කුක් ටේහ්‍යුන්ව තුරුලෙන් ඈත් කලෙ එකිනෙකාගෙ මූණ දිහා බලාගෙන හිනා වෙන ගමන්.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now