"ගුඩ් මෝනින් ජන්කුක්"
ජන්කුක් යුන්ගිගෙ කාර්යාල කාමරය ඇතුලට එනකොට වාඩි වෙලා හිටපු ජිමින් නැගිටලා ඔලුව වනලා හිනා උනා."ගුඩ් මෝනින්"
මද හිනාවකින් පිළිතුරු දුන්න ජන්කුක් පුටුවකින් වාඩි වෙනකොට යුන්ගී ජන්කුක් ට එහාපැත්තෙ තියන පුටුවෙන් වාඩි වුනෙ කට කොනට හිනාවක් අරගෙන."ජිමින්ට පුලුවන් නේද අපිට ඉක්මනට බිස්නස් ඩීල් හොයලා දෙන්න... දැන් ජිමින්ගෙ ප්ලෑන් එක මොකක් ද කියන්නකො"
ජන්කුක් කිව්වෙ පුටු ඇන්දට හේත්තු වෙලා ජිමින් දිහා බලන ගමන්."ඔව් ජන්කුක්. මම මාෆියා ලීඩර්ස් ලා කීප දෙනෙක්ම සම්බන්ධ කර ගත්තා. එයාලා ලොකු ලොකු අය නෙවෙ පොඩි අය. ලොකු ඩීල් වලට අත ගහන්න බයයි. කෙලින් ම එන්නෙ ඒවා අපෙ අතට. පොලිසියට අහු උනත් මුලින්ම අහු වෙන්නෙ උන්ව මිසක් අපිව නෙවෙයි."
ජිමින් කියනකොට ජන්කුක් කට කොනකට හිනාවක් නගාගෙන බලාගෙන හිටියා."පොලිසියට අහු වෙන්නෑ මේ ජන්කුක් යුන්ගී දෙන්නා. ඒ දැන ගන්න. හැමදාම පොලිසියට පන්නන්න ඉතිරි උන එකම සාක්ෂිය මල් ගහක් විතරයි"
මහ හයියෙන් හිනා උන ජන්කුක් යුන්ගීගෙ පිටට තට්ටු කරලා එතනින් යනකොට ජිමින් ජන්කුක් දිහා පුදුමෙන් බලාගෙන හිටියා."මල් ගහක්?"
ජිමින් ඇහුවෙ යුන්ගී දිහා බලාගෙන ඇහි බැමක් උස්සන ගමන්."කටට ආවට කියන ඒවා දන්නැතිද ඉතින්"
යන්තම් හිනාවකින් ජිමින්ට සංග්‍රහ කරපු යුන්ගී හිනාවක් නගාගෙන ජිමින්ව එතන තනි කරමින් නැගී ඉදලා දොර ගාවට ගියා."යුන්ගී"
ජිමින්ගෙ කටහඩත් එක්ක හැරිලා බලපු යුන්ගී ආපහු හැරිලා ජිමින් දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මක් මූනෙ සටහන් කරගෙන."යුන්ගී දන්නවද? යුන්ගී නැතිව ගත උන කාලෙ පුරාවටම මට යුන්ගීව කොච්චර මතක් උනාද කියලා"
ජිමින් කිව්වෙ යුන්ගී ගෙ මූණ දිහා බලාගෙන."එහෙමද?"
සාක්කු දෙකටත් අත දාගෙන යුන්ගී කියනකොට ජිමින් යන්තම් හිනා උනා."කවදාවත් හිතුවෙ නෑ යුන්ගීව මාෆියා ලීඩර් කෙනෙක් විදියට දකින්න වෙයි කියලා..."
ජිමින් කිව්වම ඒ ස්වරයෙ ගැබ්ව තිබුන අසරණ බව වටහා ගන්න යුන්ගීට බැරි උනා
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022