34 කොටස

2.5K 347 109
                                    

"අපි දිනයි නේද"
ටේහ්‍යුන් සවස් වරුවෙ උසාවිය ආයෙමත් කැදෙව්වම ජිමින්ගෙ කනට මුමුනලා වෙව්ලන හඩින් අහනකොට කිසිවක් නොකිව්ව ජිමින් ටේහ්‍යුන්ගෙ අත තදින් මිරිකලා සංසුන් වෙන්න කියලා සංඥා කලත් ටේහ්‍යුන් වගේම ඔහු හා යුන්ගීත් හුගක් නොසන්සුන් ව හිටියෙ.

විනාඩි කීපයකට පස්සෙ ජජ් එතනට එනකොට උසාවිය නැගිටලා ඔහුට ආචාර කරලා අසුන් ගන්නකොට ජන්කුක් විත්තිකාර කූඩු ඉදන් ටේහ්‍යුන් දෙස හැරිලා බලලා හිනා උනො සංසුන් වෙන්න කියලා කියන්න වගෙ... හැමදාමත් වගෙ ඒ ඇස් වල පිරිලා ඉතිරිලා යන ආදරය ටේහ්‍යුන්ව සංසුන් කරනකොට ටේහ්‍යුන් අත් දෙක එකට අතුල්ලලා ජන්කුක් එක්ක හිනා වෙලා ඉස්සරහ බලා ගත්තා.

"විත්තිකාර පාර්ශවයෙ හා පැමිණිලි කාර පාර්ෂවය ඉදිරිපත් කල සාක්ෂි හා කරුණු සලකා බැලීමේදී ,  ගරු උසාවියෙ අවසන් නිගමන ........"

ජජ් අවසන් ප්‍රකාශය කරන්නට මේසෙට තට්ටු කරලා පටන් ගන්නකොට උසාවිය මීයට පිම්බා වගෙ නිශ්ශබ්ද උනෙ දෙපැත්තෙන්ම සංවේදී නඩුවක් වගේම , දෙපැත්තෙන්ම තිබ්බ සාක්ෂි ප්‍රබල නිසා.

ටේහ්‍යුන් අත් දෙක තදින් මිරිකගෙන ඇස් දෙක වහගෙන දෙවියන් වහන්සේට නිහඩ යාඥාවක් කරනකොට යුන්ගී දෑස් වසාගෙන අත් දෙක එකතු කරගෙන ජීවිතයෙ අලුත් පිටුවක් පෙරලන් වෙර දරන ජන්කුක් ට අවස්ථා වක් දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙ  ටේහ්‍යුන්ට එකතු වෙමින්.

ටේහ්‍යුන් ට මදක් එහා පසින් අසුන් ගෙන ඉන්න දේයොන් දෙවියන් වහන්සේ ගෙන් තමන්ගෙ මල්ලිට උන අසාධාරණයට සාධාරණය ඉල්ලනකොට ජජ් අවසාන තීන්දුව දුන්නා

"..... ගරු උසාවියෙ අවසාන නිගමනය වන්නෙ, ලීලි මල් පෙති දමා යන ඝාතකයා ලෙස විත්තිකරු ව ඔප්පු කිරීමට නොහැකී යන්නයි. උසාවිය ඉදිරියෙ වරදකරු ලෙස ඔප්පු වන තාක් ඔහු නිවැරදි කරුයි. එම නිසා එම චෝදනාවෙන් විත්තිකරුව නිදොස් කොට නිදහස් කරන අතර, නීතියෙන් තහනම් මාෆියා කල්ලියක නායකයෙකුව සිටීමේ වරදට , ජියොන් ජන්කුක් වන විත්තිකරුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දෙන ලෙස නියෝගය කරනවා.. උසාවියෙ කටයුතු අවසානයි"

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now