26 කොටස

1.3K 298 43
                                    

හුගක් ම රෑ වෙන්න කලින් පුලුවන් තරම් ඉක්මනින් ගෙදර ආව ඔවුන් හතර දෙනා ඉක්මනින් තම තමන්ගෙ කාමර වලට ගියෙ ගමන් මහන්සියත් හින්දා මයි. ටේහ්‍යන් ට ඔවුන්ගෙ කාමරයෙන් වොෂ් දාගන්න කියලා කීව ජන්කුක් පහල තිය ගන වොෂ් රූම් එකට ගිහින් ඇග හෝදාගෙන ආයෙමත් කාමරයට එනකොට සුදු පාට ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ඇදගෙන ටේහ්‍යුන් ඇඳ උඩට වෙලා ජන්කුක් ඔහුගෙ අතෙ පලන්දපු මුදුව දිහා ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා ජන්කුක් දැක්කා.

"මගෙ මැණික මොකො කරන්නෙ....?"
ටේහ්‍යුන් ළගට ඇවිදගෙන ආව ජන්කුක් ඔහු ළගින් වාඩි වෙනකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ බඳ වටෙ අත් පටලවගෙන ඔහුගෙ පපුවට තමන්ගෙ මූණ තියලා තද කර ගත්තෙ ගොඩක් ලොකු සෙනෙහසකින්.

"මගෙ මැණික මොකො මේ....?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ හිස කෙස් අතරට ඔහුගෙ ඇගිලි තුඩු යවන ගමන් කොඳුර‌නකොට කෙලින් උන ටේහ්‍යුන් ඔහුගෙ දෙතොල් මත පුංචි නමුත් ආදරණීය හාදුවක් තවරලා ආයෙමත් ඒ පපුව මත ඔලුව තියා ගත්තෙ ජන්කුක් හිනා වෙලා ඔහු දිහා බලාගෙන ඉන්නකොට.

"මම ඔයාට ආදරෙයි ටේ..."
ජන්කුක් කීවෙ ටේහ්‍යුන්ව කෙලින් කරලා ඔහුගෙ කම්මුල් දෙක අත් අතරට ගන්න ගමන්. තාමත් ටේහ්‍යුන්ගෙ ඇස් වල කදුලු...

"ඇයි මගෙ මැණික මේ අඩන්නෙ...?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ ආදරය හා කදුලු වලින් පිරිලා තිබුණු ඒ ඇස් දෙක දිහා ඕනෑ කමන් බලමින් අහනකොට කිසිවක් නෑ කියලා කියන්න ඔලුව වනපු ටේහ්‍යුන්ගෙ දෙතොල් ජන්කුක් ගොඩක් ආදරෙන් සිප ගත්තෙ ටේහ්‍යුනුත් ඔහුව පෙරලා සිප ගන්න පටන් ගන්නකොට.

"මගෙ මැණික... අද මගේ වෙනවාද?"
සිප ගැනීම නතර කරපු ජන්කුක් ටේහ්‍යුන් දිහා ඕනෑ කමින් බලන ගමන් ඇහුවෙ ටේහ්‍යුන් ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන බිම බලනකොට.

"කුකී... මට දෙයක් අහන්න තියනවා..."
බිම බලාගෙනම ටේහ්‍යුන් කියනකොට "අහන්න මගෙ මැණික" කියලා ජන්කුක් කිව්වෙ ගොඩක් ආදරෙන්.

"ජන්කුක්... ම...මාව... මම... වැ..ඩ කරපු ගෙදර මහත්තයා.. රේප් කලා... මට දෙන්න කියලා දෙයක් නෑ ඔයාට... ඔයා..ට තාමත් මාව ඕනෙද කුකි.. මාව වෙන කෙනෙක් නි...සා අපිරිසිදු වෙලා නෙ.....කූ..."
හිමීට හිමීට ඉකි ගහන ගමන් ටේහ්‍යුන් මුමුණන කොට මොකුත් නොකිව්ව ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔලුව අත ගෑවෙ කියා ගන්න බැරි සෙනෙහසින්

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now