20 කොටස

1.5K 349 150
                                    

ජන්කුක් ගෙ තුරුලෙන් මිදුන ටේහ්‍යුන් ජන්කුක් එක්කම වොෂ් දාගෙන පහලට ගියෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න. ඒ වෙනකොටත් යුන්ගී හා ජිමින් කෑම මේසෙ වටේ වාඩි වෙලා හිටිය අතර ජන්කුක් එක්ක අත් පටලාගෙන එන ටේහ්‍යුන් දැක්කම යුන්ගී ගොඩක් අමුතු විදියට බලාගෙන හිටියා.

"දැන් අමාරුව අඩුද ජන්කුක්?"
පුටුවක් ඇදලා ජන්කුක් වාඩි වෙනකොට ඊට එහාපැත්තෙන් වාඩි වෙලා ජන්කුක් ගෙ පපුවට යන්තම් ඔලුව තියා ගන්න ටේහ්‍යුන් දිහා බලන ගමන් යුන්ගී ඇහුවෙ ජන්කුක් ගෙන්.

"ඔව් බන්. අවුලක් නෑ..."
ජන්කුක් ඕනෙවට එපාවට කියලා මේසෙට ඇරල තියන කෑම දිහා බැලුවා.

"කුකී... මම බෙදාලා දෙන්නද?"
ටේහ්‍යුන් ජන්කුක් ගෙ මූණ දිහා බලලා අහනකොට ජන්කුක් ආදරණීය විදියට ටේහ්‍යුන් එක්ක හිනා වෙලා හා කියලා කීවා.

"කුකී....? අප්පගෙ නමක් නෙ යකො ඒක? කවදා ඉදන්ද ටේහ්‍යුන් උඹට කෑම වල නම් කියලා කතා කරන්න ගත්තෙ?"

යුන්ගී මේ වෙනකොට අරගෙන තිබුණු සැන්ඩ්විජ් එකෙන් කෑල්ලක් කටට ඔබා ගන්න ගමන් අහනකොට ජන්කුක් යුන්ගී දිහා බලලා රැවුවා මිසක් මොකුත් කීවේ නෑ.

"මට කවන්නකො මැණික.."
ජන්කුක් කීවේ තමන්ගෙ කෑම පිගානට දාගෙන කෑම මේසෙ ට ඇරලා තියන සේරම කෑම ටික දාන ටේහ්‍යුන් දිහා බලන ගමන්.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතත් අල්ලගෙන කවන්නකො කියලා ඉල්ලනකොට ටේහ්‍යුන් සැන්ඩ්විජ් කෑල්ලක් ජන්කුක් ගෙ කටට දැම්මෙ ගොඩක් ආදරෙන්. ජන්කුක් ටේහ්‍යුන් එක්ක හිනා වෙන ගමන් ඔහුත් සැන්ඩ්විජ් එකක් අරගෙන ටේහ්‍යුන්ගෙ කට ලගට ලං කලාම ටේහ්‍යුන් හිමීට ඒක හපන ගමන් ජන්කුක් දිහා ආදරෙන් බලාගෙන හිටියා.

"මේ මොන නාඩගමක් ද?"
යුන්ගී ඇහුවෙ ජිමින් දිහා බලන ගමන්. මොනවත් කියන්නෙ නැතිව යුන්ගී දිහා බලලා හිනා උන ජිමින් ආයෙමත් ජන්කුක් ගෙ හා ටේහ්‍යුන්ගෙ ආදරණීය මොහොත දිහා බලාගෙන හිටියා.

"ඕයි ජන්කුක්... ලව් කරලා ඉවර නම් මේ අහපන්කො"
යුන්ගී ජන්කුක් ට කතා කලෙ පෙරටත් වඩා සැරෙන්. ටේහ්‍යුන්ගෙ ඇස් අතර අතරමං වෙලා උන්නු ජන්කුක් යුන්ගී ගෙ කටහඩත් එක්ක ගැස්සිලා බලනකොට යුන්ගී ජන්කුක් දිහා රවාගෙන බලාගෙන හිටියා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ