10 කොටස

1.8K 376 128
                                    

ජිමින්ව ඔවුන්ගෙ අතර මැදියා විදියට ස්ථීර ලෙස පත් කර ගන්න ජන්කුක් කැමැත්ත පල කලෙ යුන්ගී පුංචි කාලෙ ඉදන්ම හොදින් ම අදුරනවා කිව්ව යුන්ගිගෙ නෑදෑයෙක් නිසා. ජිමින් එක්ක ගිවිසුමට සයින් කලාට පස්සේ ඔහුට ජන්කුක්  සමුදුන්නෙ ජිමින් හෙට උදෙන්ම ඔවුන්ගෙ ගෙදර නතර වෙන්න එනවයි කියලා පොරොන්දු උන නිසා.

"ජිමින් අපි බලාපොරොත්තු වෙන විදියටම තොරතුරු පිටතට යවන්නෙ නැතිව වැඩ ටික කරයි කියලා හිතනවා.... බැරි වෙලාවත් යම් අතපසුවීමක් උනොත් සිද්ධ වෙන දේ ගැන ජිමින්ට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා...."

ජන්කුක් කිව්වෙ ජිමින් එක්ක අතට අත දෙන ගමන්.

"හරි ජන්කුක්.... මාව ෂුවර් කරන්න"
ජිමින් කිව්වෙ ජන්කුක් එක්ක හිනා වෙන ගමන්.

"බය වෙන්න එපා. අපි ජිමින්ට ලොකු ගානක් ගෙවනවා. ඒ වගේම හොඳට සලකනවා"
යුන්ගී හිනා වෙන ගමන් ජිමින්ට කියනකොට ජිමින් යුන්ගී දිහාවට හැරිලා හිනා උනා.

"ඕකෙ එහෙනම් මට වැඩ වගයක් තියනවා. ජිමින් මම යනවා"
ජිමින්ට සිනාවකින් සංග්‍රහ කරපු ජන්කුක් එතනින් ගියෙ යුන්ගිවයි ජිමින්වයි කාමරෙ තනි කරලා.

ආපහු කාමරය ගිහින් ටේහ්‍යුන් කරන්නෙ මොනවාද කියලා හොයාලා බලන්න ජන්කුක් ට ලොකු උවමනාවක් තිබුනත් ජන්කුක් ඊට කලින් ජිමින් ගැන තව දුරටත් හොයලා බලන්න තීරණය කරපු නිසා සේවකයන් කීප දෙනෙකුට ජිමින් ආපහු යනකොට  ෆලො කරන්න කියලා අණ දුන්න ජන්කුක් කිචන් එකට ගියා.

"ටේහ්‍යුන්ට කෑම ගෙනිහින් දුන්නාද?"
දවල් කෑම උයලා මේසෙට ඇරලා තියලා කිචන් එක අස් පස් කර කර හිටපු කෝකියා ගෙන් ජන්කුක් අහනකොට ඔහු පුදුමෙන් බැලුවෙ ජන්කුක් කියන්නෙ සාමාන්‍යයෙන් කුස්සිය පැත්ත පළාතෙ වත් පය ගහන්නෙ නැති මනුස්සයෙක් නිසා.

"ඔ.... ඔව් සර්....."
කෝකියා ඔලුව නමන ගමන් කියනකොට ජන්කුක් ඔලුව වනලා ගියෙ තමන්ට බෙදලා තිබුණු කෑම එක කන්න. අතුරු පසට ටේහ්‍යුන් ආසම ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් තියනවා දැක්ක ජන්කුක් හිනාවකින් මූණ සරසගෙන තමන්ගෙ ආහාර වේල අරගෙන ඉවර කලා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now