⚠️ strong language , pain ⚠️
____________________________________________
" මට ඇත්ත දැනගන්නයි ඕනෙ.. මූ කවුද කින්ද මන්ද? මොනවාද කලේ... හැම දෙයක්ම කටෙන් එලියට ගන්න ඕනෙ"
පොලිස් නිලදාරියා කලු පාටට ඇදගෙන ඉන්න පොලිස් නිලදාරීන්ට වැටිලා ඉන්න ජන්කුක් ව පෙන්වන ගමන් කියනකොට ඔවුන් ඔලුව වැනුවා.බිමට වෙලා අසරණව බලාගෙන හිටපු ජන්කුක් ගෙ කොන්ඩෙන් අල්ලා දණ ගස්සපු එක පොලිස් නිලධාරියෙක් ජන්කුක් ගෙ බඩට පයින් ගහනකොට ජන්කුක් විසි වෙලා ගිහින් බිමට වැටුනාට පොලිස් ප්‍රධානීයා දිහා බලලා සමච්චල් සහගත විදියට හිනා උනෙ ලොකු මාන්වයකින්.
"කතා කරවපන්"
ජන්කුක් ගෙ සමච්චල් සහගත සිනාව ඔහුට තවත් තරහව කැන්දනකොට ඔහු කෑ ගැහුවා.ඔහුට ඔලුව නමපු සහයක පොලිස් නිලධාරියෙක් ජන්කුක් ව ආයෙමත් සැරයක් දණ ගස්සලා කටින් ලේ පනිනකම් ම ජන්කුක් ගෙ කම්මුලට ගහගෙන ගහගෙන යනකොට , වේගයෙන් හුස්ම අල්ලා ගන්න උත්සාහ කරන ගමන් ජන්කුක් ඇස් දෙක පියාගත්තෙ වේදනාවට..
"ඉතින් කියපාආආන්.."
"මො...කක්ද?"
පොලිස් නිලධාරියා කෑ ගහනකොට වියරුවෙන්, කටෙ පිරිලා තියන ලේ කෙල ගහලා එලියට දාන ගමන් ජන්කුක් හිනා වෙන ගමන් ඇහුවා."තමුසෙට මම..."
දණ ගහගෙන හිටපු ජන්කුක් ගාවට ආව ඔහු ජන්කුක් ට බිම වැටෙන්න පයින් ගහලා , පොලිස් නිලදාරෙයෙක්ගෙ අතෙ තිබුන පොල්ලක් උදුරගෙන, ඒක කැඩෙනකම් ජන්කුක්ට ගහනකොට දැඩි වේදනාවක් පිට මැද්දෙන් දැනුන නිසා සිහි නැති වෙන්න ගියපු ජන්කුක් ගෙ කම්මුලට තට්ටු කරලා ආයෙමත් ඔහු සිහිය ගත්තා."කියපන්..." ආයෙමත් ජන්කුක් ගෙ බඩට කකුලෙන් පහර දෙන ගමන් ඔහු අහනකොට ජන්කුක් ඔලුව උත්සලා ඔහු දිහා බැලුවා.
"මො...ක..ක් ද?"
ජන්කුක් කොච්චර අමාරු උනත් කට කොනක තිබුන හිනාව මකා ගන්නෙ නැතිව අහනකොට පොලිස් නිලධාරියා තරහව පාලනය කරගෙන ජන්කුක් දිහා බැලුවා."තමුන් නේද මිනිස්සු මරලා ලිලී මල් පෙති ඉහලා යන්නෙ...? තමුන් නේද ඒ හේතුවක් නැතිව රට පුරා වෙන ඝාතන වලට වග කියන්න ඕනෙ?? "
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022