11 කොටස

1.8K 384 67
                                    

පලතුරු වල ගහලා තිබ්බ පිහිය ගත්ත ටේහ්‍යුන් ලොකු හුස්මක් අරගෙන ඇදට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තෙ කොයි මොහොතක හරි ජන්කුක් එයි කියන බලාපොරොත්තුවෙන්.

මොහොතක් ඇස් දෙක පියාගෙන හිටපු ටේහ්‍යන් බලාපොරොත්තු උන විදියටම ජන්කුක් දොර ඇරගෙන ආවේ ටේහ්‍යුන්ගෙ නම කියාගෙන.

"ටේහ්‍යුන් කෑවද?"
හිමීට මුමුණන ගමන් අඩ අදුරෙ ගිලිලා තිබුන කාමරයෙ ලයිට් ඔන් කරපු ජන්කුක් ඇස් යැව්වෙ ටේබල් එක උඩ තිබුන ටේහ්‍යුන් ගෙ දවල් කෑම පිඟානට.

"කෝ කාලා නෑනේ.... ටේහ්‍යුන් මෙහෙම බඩගින්නෙ ඉන්න හොඳ නෑ... රෑට කන්න ඕනෙ තේරුනාද? නැතිනම් මම කවනවා.."
දියවෙලා තියන අයිස් ක්‍රීම් කප් එක අතට අරගෙන ආයෙමත් මේසෙන් උඩ තිබ්බ ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන ගමන් කෙඳිරුවා.

"ටේ.... මේ මොකද?"
පිහියක් අතේ තියාගෙන තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යන් දිහා බලන ගමන් ජන්කුක් පුදුම උනත් හුගක් මෘදු විදියට ඇහුවා.

"ඕකට ඔයාව කැපෙයි... ඕක පැත්තකින් තියලා එන්න පහලට යමුකෝ.... පහලට ගිහින් කමු...."
ජන්කුක් ටේහ්‍යුන් දිහාවට අත දිග් කරන ගමන් කතා කරනකොට ටේහ්‍යුන් පිහියත් අරගෙනම නැගිටලා ජන්කුක් දිහාවට එනකොට ජන්කුක් පුදුමෙන් බලාගෙන හිටියා.

"මැණික මොකද මේ....? ටේ..?"
ජන්කුක් ඇහුවේ ටේහ්‍යුන් දිහා පුදුමෙන් බලන ගමන්. ටේහ්‍යුන් තමන්ව මරන්න උත්සාහ කරනවා කියලා ජන්කුක් ගෙ හිත කොනක් කීවත් ජන්කුක් ඒ සිතුවිල්ල මරලා දැම්මෙ ටේහ්‍යුන් ගැන හිතේ තිබ්බ ආදරයට.

"ටේ...?"

"ජන්කුක් තමුන්ට බලන්න ඕනෙ ලේ නේද? ලේ නේද? මිනිස්සු මරලා තමුන් බලන්නෙ ලේ නේද? දැන් බලාගන්න ඇති වෙන්න... ආයෙමත් මිනී මරුවෙක් වෙන්න එපා.."
හයියෙන් කෑ ගැහුව ටේහ්‍යුන් ඔහුගේම අත පිහියෙන් කපාගෙන කපාගෙන යනකොට ජන්කුක් කෑ ගහගෙන ටේහ්‍යුන් ගාවට දුවගෙන ආවත් පිහිය තමන්ගෙ බඩට තියාගෙන ටේහ්‍යුන් පස්සෙන් පස්සට ආවා.

"ළගට එන්න එපා... මම suicide කර ගන්නවා...."
ටේහ්‍යුන් කියනකොට ජන්කුක් ලොකු හුස්මක් අරගෙන සංසුන් වෙන්න උත්සාහ කලා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now