ජිමින් ට හා යුන්ගී ට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා කියලා තේරුම් ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ගෙ කරට අත දාගෙන එතනින් යන්න ගියෙ ඔවුන් දෙදෙනාව කාමරය ඇතුළෙ තනි කරන ගමන්.
යුන්ගී හිටියෙ තාමත් ගල් වෙලා. වෙන කිසිම දෙයක තේරුමක් හරියට නොදැන තමා දෙස මොහොතක් බලාගෙන ඉකි බිඳින ජිමින් දෙස යුන්ගී දෑස් විසල් කරගෙන බලාගෙන හිටියා.
"ජි...ජිමින්..."
හිමීට ජිමින්ගෙ උරහිස් වලින් යුන්ගී අල්ලනකොට ජිමින් යුන්ගීගෙ පපුවට හේත්තු වෙලා අඩන්න පටන් ගන්නකොට නොදැනීම යුන්ගීගෙ ඇස් වලත් කදුලු පිරුනෙ ඔහුවත් පුදුමයට පත් කරන ගමන්.ඔව්...
වසර ගණනාවකට පස්සෙ ජිමින් ගෙ දෑසින් වැටෙන්න වූ කඳුලු බිඳු වෙනුවෙන් යුන්ගී ගෙ දෑස් ද කඳුලින් තෙත් උනෙ ඔහුටත් හොර රහසේ.
"යු....න්ගී.... යුන්...ගී... ම...ම.."
යුන්ගී ගෙ ෂර්ට් එක අත් අතරට ගුලි කරන ගමන් ජිමින් මුමුනද්දී කිසිවක් කියා ගන්න තේරෙන්නෙ නැතිව යුන්ගී ජිමින් දෙස හැගීම් විරහිතව බලාගෙන සිටියා."යුන්...ගී.... යු....."
තවමත් ඉකි ගහන ජිමින්ව කෙලින් කරපු යුන්ගී ජිමින්ගෙ අතින් අල්ලාගෙන පුටුවකින් වාඩි කරවලා ඔහුත් ඔහු අසලින්ම වාඩි උනෙ ජිමින්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලන ගමන්."කියන්න ජිමින්....?"
"යුන්ගී... කලිනුත් කිව්වා වගේ මම ඔයාට ආදරය කරනවා... ගොඩක් ආදරය කරනවා යුන්ගී... දැනෙනවා ද දැනෙනවාද මේ ආදරය යුන්ගී.... දැනෙනවාද.... මම හුඟක් ආදරෙයි මගෙ යුන්ගීට....."
යුන්ගීගෙ අතක් අරගෙන තමන්ගෙ පපුවට තද කරන ගමන් ජිමින් මුමුණද්දී යුන්ගී පුදුමයෙන් ජිමින් දිහා බලාගෙන හිටියා."ආදරෙයි මම...."
ජිමින් කියද්දී යුන්ගී නැවතත් ඔහු දෙස බලාගෙන හිටියා. අවුරුදු ගානකින් පස්සෙ ආදරය කියන වචනෙ යුන්ගීට ඇහුන පලවෙනි වතාව....අවුරුදු ගානකට පස්සෙ ප්‍රචන්ඩත්වයට හුරු වෙලා උන්න යුන්ගීට ආදරය කියලා කියන අපූරු හැගීම දැනුන පලවෙනි අවස්ථාව.....
"ඒ....ක ඒක හරිම අමු...තුයි.."
යුන්ගී තමන්ටම මුමුණා ගත්තෙ පුදුමයෙන්...
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022