"ජ...න්කුක්... ඇයි මෙහෙම කලෙ..?"
තමාටම කියා ගන්නා ගමන් ටේහ්‍යුන් ඔහුගේ දෑසින් කදුලු ගලන විට ඒ කඳුලු වලට ඔහුගෙ කම්මුල් තෙමන්න ඉඩ දීලා වේගයෙන් හුස්මක් ගත්ත.ඔහුගෙ යටි කයෙන් දැනුන දරා ගත නොහැකි තරම් වේදනාවත්, සීතල වදකාගාරයෙ සීතලත් පරයා යමින් ඔහුගෙ හදවතට දැනුනෙ කියා ගන්න බැරි තරම් වේදනාවක්. ඔහුට තව දුරටත් සිනා සෙන්න නොහැකී වගේ දැනුනා. සමහර විට කිසිම දවසක කාත් එක්කවත් සිනා දෙන්න නොහැකි වෙයි.
එක පැත්තකින් තමන්ගෙ මුලු ජීවිතයම එක ජරා මිනිහෙක් අතින් , රාගයට විතරක් මීට පැයකට විතර කලින් විනාශ උනා කියන සිතුවිල්ල. තවත් පැත්තකින් තමන් මෙච්චර ආදරය කරපු මනුස්සයා මිනී මරුවෙක් කියලා දැන ගනිද්දී දැනුන සිතුවිල්ල. ඒ වගේම ඒ හිතෙ කොනක හරි තමන් වෙනුවෙන් පුංචිම ආදරයක් ගෑවිලා ඇති කියලා තමන් තියාගෙන හිටපු මෝඩ බලාපොරොත්තුව සුනදූවලි ගියා කියන සිතුවිල්ල.
මේ හැම හැගීමක්ම හැම එකක්ම එකතු වෙලා ඔහුට අනුකම්පා විරහිත ව පහර පිට පහර දෙද්දී ටේහ්‍යුන් බිත්තියට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තා. මාංචු දාලා තිබුණු අත් සිරුරෙ බරට කැපිලා ලොකු වේදනාවක් එක්ක ගලා ගිය ලේ ටේහ්‍යුන්ගෙ උරහිස් තෙත් කරද්දී ටේහ්‍යුන් ඇස් දෙක පියාගෙන ඔහෙ ඉකි බින්දා.
"තමුසෙට මම කිව්වෙ එයාව මගෙ කාමරයට ගෙනියන්න කියලා මනුස්සයො.. මෙහෙ නෙවෙයි මොකද මේ කලේ....."
ජන්කුක් ගෙ කෝපයෙන් පිරුණු කටහඩ එලියෙන් ඇහෙනකොට ටේහ්‍යුන් ගැස්සුණා."ටේ...."
ඒ එක්කම වැහිලා ගියපු යකඩ දොර ඇරගෙන ජන්කුක් ආවෙ කාමරෙ ලයිට් එකත් ඔන් කරගෙනටේහ්යුන්ගෙ නිරුවත් ශරීරය , ඒ ශරීරය තැන තැන තිබුනු තුවල , මාංචු වලට ගලා ගෙන ගියපු රුධිරය දකිනකොට ජන්කුක් ට දැණුනෙ කකුල් දෙක පණ නැතිව යනවා වගෙ. කෝකියා ටේහ්‍යුන්ව දුෂණය කරන්න රළු විදියට ඇදගෙන එද්දී ටේහ්‍යුන්ගෙ එක අතක් තුවාල වෙලා ගාලා ගෙන යන ලේ වගේම මාංචු වලට කැපිලා ගලන ලේ දැක්ක ජන්කුක් දත් මිටි කෑවා.
"මොනවද බලන්නෙ... පලයන් ගිහින් බෙඩ් ෂිට් එකක් අරන් වරෙන්"
ටේහ්‍යුන් ලගට ආව ජන්කුක් ටේහ්‍යුන්ගෙ නිරුවත වැහෙන විදියට ටේහ්‍යුන්ව තමන්ගෙ ඇගට තුරුලු කර ගන්න ගමන් කී එකෙන් මාංචු ගලවනකොට ටේහ්‍යුන් හැගීමක් නැති විදියට ජන්කුක් දිහා බලාගෙන ඔහේ හිටියෙ ඒ සිරුරට යන්තම් වාරු වෙලා.
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022