"හලෝ...."
ටේහ්‍යුන්ව පැහැර ගත්ත මනුස්සයා loud speaker දාපු නිසා එහා පැත්තෙන් ජන්කුක් ගෙ කටහඩ ඇහෙනකොට, ඒ කටහඩෙ තිබුනු කලබල ගතිය වටහා ගත් ටේහ්‍යුන් ජන්කුක් කලබල වෙලා තියෙන්නෙ තමා නැතිව කියලා තේරුම් ගත්තා.මොන දේ උනත් ජන්කුක් ට ප්‍රශ්නයක් වේදනාවක් වෙන විදියෙ කිසිම දෙයක් කරන්නෑ කියලා දිව්රා ගත් ටේහ්‍යන් මෙච්චර වෙලා ඉකි ගහ ගහ හිටියත් ජන්කුක් ට ඇහෙයි කියලා ඉකිය පාලනය කරගෙන හිටියා.
"ජන්කුක්...... මතකද මාව දේයොන්... ඔහ් ගෝඩ්.. කොහොම අමතක වෙන්නද? මාව සදහටම මතක තියා ගන්නවා කියලා නෙ කීවෙ..."
දේයොන් තමන්ගෙ වචන බොහොම අහිංසක විදියට පිට කරනකොට එහා පැත්තෙන් ජන්කුක් හුස්ම ගන්න හඩ පවා ටේහ්‍යුන්ට ඇහුනා."මොන මගුලක්ද? තමුන් මොකද මැක්ක වගෙ මගෙ ඇගේම එල්ලෙන්නෙ... මම තියනවා... "
ජන්කුක් කෝපයෙන් කියලා ෆෝන් එක තියන්න ගියත් දේයොං ගෙ ඊළග වචන කීපය ඔහුව නැවැත්තුවෙ ලොකු ෂොක් එකක් එක්ක."එතකොට උඹේ පණ , උඹෙ බෝයි ෆ්‍රෙන්ඩ් මෙතන දුක් විඳ විඳ හිටියාට කමක් නැතිද?"
"මොකක් ද බල්ලො කීවේ? කොහෙද මගෙ මැණික?"
එහා පැත්තෙන් ජන්කුක් ගිරිය පුප්පන් කෑ ගහනකොට ටේහ්‍යුන් කදුලු පුරෝගෙන දේයොන් දිහා බිම වැටිලා ඔහේ බලාගෙන හිටියා."ටිකක් ඉදපන් කෑ නොගහ... කතා කරපන්..."
බිම වැටිලා හිටපු ටේහ්‍යුන් ලගට ෆෝන් එක ලං කලත් ජන්කුක් මෙතනට ආවොත් ඔහුට ලොකු අනතුරක් වෙයි කියන බයට ටේහ්‍යුන් වචනයක් වත් කියන්නෙ නැතිව ඔලුව බිම තියාගෙන ඔහේ හිටියා."කතා කරපන් මගෙන් මැරුම් නොකා.."
ටේහ්‍යුන්ගෙ බඩට දේයොන් පහර දෙනකොට ටේහ්‍යුන්ට දරා ගන්න බැරි උනත් ජන්කුක් වෙනුවෙන්, ඔහුගෙ ආදරයගෙ ආරක්ෂාව වෙනුවෙන් කෙදිරිල්ලක් වත් පිට නොකර ටේහ්‍යුන් ඔහේ හිටියෙ එහා පැත්තෙන් ජන්කුක් ටේහ්‍යුන්ගෙ නම කියලා කෑ ගහනකොට."ආ... උඹ දැන් එච්චර ශක්තිමත් ද?"
නිශ්ශබ්දව ඉන්න ටේහ්‍යුන්ගෙ අතක් තදින් පාගපු දේයොන් ෆෝන් එකත් අරගෙන ම ගිහින් පැත්තක තිබුණු පෝරණුවෙ තදිණ් රත් වෙවී තිබුණු ගිනියම් උණ යකඩයක් අරගෙන ඇවිත් ටේහ්‍යුන්ගෙ කකුල උඩ තියනකොට දැනුන වේදනාවට ටේහ්‍යුන් යටිගිරියෙන් කෑ ගැහුවෙ පාලනය කර ගන්න බැරිව.
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022