30 කොටස

1.2K 280 43
                                    

හදිසියේ වාහනෙත් අරගෙන යන්න උත්සාහ කරන ජන්කුක් ව දැක්ක ජිමින් එක්ක එලියට ආව යුන්ගී ජන්කුක් ට කතා කරන ගමන් ජන්කුක් ගෙ වාහනෙ ලගට දුවගෙන ආයෙ ජන්කුක් හදිසියේම යන්නෙ කොහෙද කියලා දැන ගන්න.

"ජන්කුක්.... කොහෙද යන්නේ..."
වේගයෙන් දුවගෙන ආව යුන්ගී ජන්කුක් ටේහ්‍යුන් එක්ක කොහෙ හරි යනවා කියලා හිතාගෙන ඇරිලා තිබුන ෂටර් එකෙන් ඩ්‍රයිවින් සයිඩ් එකට එබුණත් ජන්කුක් ගෙ අඩලා අඩලා ඉදිමිලා තිබුන මූණ දැක්ක යුන්ගී එක සැරේටම බය උනෙ ජන්කුක් ට මොකද උනෙ කියලා පුදුමෙන්.

"ජන්කුක් මොකද මේ...?"

"යුන්ගියා මගෙ ටේ... මගෙ මැ...ණික".
ගොත ගහ ගහ කිව්ව ජන්කුක් වාහනෙ ස්ටාර්ට් කරගෙන ඇරිලා තිබුන ගේට්ටුවෙන් එලියට ගියෙ පුදුමයෙන් බලාගෙන ඉන්න යුන්ගීව ජිමින් එක්ක තනි කරලා.

"මොකද එයාට උනෙ යුන්ගී..."
ජන්කුක් ගෙ අමුතු හැසිරීම දිහා බලාගෙන හිටපු ජිමින් යුන්ගී ළගට ඇවිත් ඇහුවත් කිසි කතාවක් නැතිව දෙව්ර හකුලලා දන්නෙ නෑ කියලා කිව්ව යුන්ගී ජිමින් දිහා බලලා ජන්කුක් ට කෝල් කලා

තුන් වෙනි , හතර වෙනි පාර ජන්කුක් ට කෝල් කලත් ජන්කුක් නෙවෙ ආන්ස්වර් කලෙ.

පස්වෙනි පාරටත් ජන්කුක් ට හිතින් බනින ගමන් යුන්ගී කෝල් කරනකොට ජන්කුක් ෆෝන් එක ඉස්සුවා. ජීමින් බලාගෙන ඉන්න නිසා loud speaker on කරපු යුන්ගී ජන්කුක් එක්ක කතා කල.

"ජන්කුක්... මොකද මේ.. කොහෙද යන්නෙ...?"
යුණ්ගී ජන්කුක් ට මොකක් හරිම කරදයක් කියන බයෙන් කතා කරන කොට එහා පැත්තෙන් ජන්කුක් ගෙ වෙව්ලන කටහඩ ඇහුනා. ජන්කුක් කියන්නෙ තුවක්කුවක් ඔලුවට තිබ්බත් හිනා වෙන මනුස්සයෙක් කියලා දැනගෙන හිටිය යුන්ගී ජන්කුක් ගෙ මේ අමුතු හැසිරීම නිසා ගැටලුවට පත් උනා.

"ජන්කුක් කියපන් මොකද?"

"යුන්ගී දේයො...න් මගෙ මැණික ව අරගෙන ගි...හින් යුන්...ගී..."
ජන්කුක් ගෙ පාලනයකින් තොරව වෙව්ලන දෙතොල් වලින් පිට උන ඒ වචන හමුවෙ යුන්ගී ගෙ හදවතත් ගැහෙන්න ගත්තා.

"දෝයොන් කියන්නෙ අර පොලිස් කාරයා...? "

"ජන්කුක් තනියම යන්න එපා .. ඌ ඉන්න තැන කියපන්..."
යුන්ගී ෆෝන් එකෙන් කෑ ගැහුවෙ ජන්කුක් හයියෙන් අඩන සද්දෙ ෆෝන් එකෙ එහා පැත්තෙන් ඇහෙනකොට.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now