08 කොටස

1.9K 375 83
                                    

"ඔය ඇඩිල්ල නතර කර ගන්නවා , කොයි වෙලෙ බැලුවත් අඩනවා"
යුන්ගි කෑ ගැහුවේ බිම බලාගෙන අඩන ටේහ්‍යුන් දිහා බලන ගමන්.

"ඉතින් කිව්වම කට වහපන්.. ඔය ඔලුව කුඩු වෙන්න වෙඩි තියනවා මම"
යුන්ගී තාමත් අඩන ටේහ්‍යන්ට කෑ ගහනකොට ටේහ්‍යුන් හයියෙන් හුස්ම ගන්න ගමන් ඇඩිල්ල පාලනය කර ගන්න හැදුවෙ ඉකි බිඳ බිද.

"ජන්කුක්.... අපිට බිස්නස් හොයලා දෙන්න තාම කෙනෙක් නැති එකෙ මම බැලුවා කෙල්ලෙක් ව... සල්ලි තියනවා... මුට ගැහුව බොරුවම ගහලා සල්ලි ටික කඩා ගනින්"
ඇදේ ගුලි වෙලා කකුල් දෙක පපුවට ගුලි කරගෙන ඉන්න ටේහ්‍යුන්ව අනුකම්පා විරහිතව පෙන්වන ගමන් යුන්ගී ජන්කුක් අතට ෆොටො එකක් දිග් කලාම ජන්කුක් වෙව්ලන ටේහ්‍යුන් දිහා බලන ගමන් ඒ ෆොටො එක අතට අරගත්තා.

"හාද? ඒකිව මරලා දාපන් වැඩෙ ඉවර උනාට පස්සෙ... මේකාව වගෙ මෙහෙ උස්සගෙන එන්න එපා රෙද්ද"
යුන්ගී තරහෙන් කොදුරන කොට ජන්කුක් ලොකු හුස්මක් අරගෙන ටේහ්‍යුන් දිහා බැලුවෙ ටේහ්‍යුන්ගෙ ප්‍රතිචාර මොනවගේද බලන්න.

තාමත් අඩනවා!!

බිම බලාගෙන තමන්ගෙ ඇස්වලින් වැටෙන කදුලු බිදු වලට ඔහෙ කම්මුල දිගෙ රූටගෙන වැටෙන්න ඉඩ දීලා ටේහ්‍යුන් ඇදෙ ගුලි වෙලා බලාගෙන හිටියා.

ජන්කුක් ටේහ්‍යුන් දිහා මොහොතක් බලාගෙන හිටියා. ඔව්. ජන්කුක් මිනීමරුවෙක් තමයි. ඒත් තව දුරටත් ටේහ්‍යුන් ඇර වෙන කෙනෙක් එක්ක බොරුවට හරි ආදරය කරන්න ජන්කුක් ට ඕනෙ උනෙ නෑ.

ඔව්. ජන්කුක් ආසා කලා තමන් ඔවුන්ව පාවිච්චි කලෙ සල්ලි වෙනුවෙන් විතරයි කියලා දැන ගන්නකොට ඒ මූණු වල ඇදෙන කම්පනය බලන්න. හරියට ජන්කුක් ගෙ අම්මා මැරුණු දවසෙ අම්මාගෙ මූණෙ ඇදුනු කම්පනය වගෙ.

ඔව්. ජන්කුක් ආසා කලා ඒ ඇස් වල නලියන මරණ බය බලන්න. හරියට ජන්කුක් ගෙ අම්මා මැරෙන මොහොතේ ජන්කුක් අම්මාගෙ ඇස් වලින් දැක්ක වගෙ.

ඔව්. ජන්කුක් ට අහන්න ඕනෙ උනා ජීවිතය ඉල්ලා කරන යැදීම්. හරියට ජන්කුක් ගෙ අම්මා කලා වගෙ.

ඔව් ජන්කුක් ට ඒ සේරම ඕනෙ උනත්....

තව දුරටත් බොරුවට හරි වෙන කෙනෙකුට කුඩා කාලයකට හරි ආදරය කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ... ටේහ්‍යුන් අඩන්නෙ ජන්කුක් වෙන කෙනෙක්ට ආදරය කරන්න යන නිසාද, නැති නම් මරන නිසාද , එහෙමත් නැති නම් ඔහු වගේම තවත් කෙනෙක්ව රවටන නිසාද කියලා තෙරුමක් නොතිබුණත් ජන්කුක් ට ජන්කුක් යුන්ගී කියන කාරණාව ප්‍රතික්ෂේප කරන්න තීරණය කලා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now