22 කොටස

1.5K 313 87
                                    

"බබා..... මගෙ කකුල් දෙක අල්ලා ගන්නකො....."
ජන්කුක් බිම ඉඳගෙන කෑ ගහනකොට ජිමින් එක්ක ලොකු කතාවකට වැටිලා හිටපු ටේහ්‍යුන් ඔලුව උස්සලා බලනකොට දැක්කෙ සාලෙ මැද බිම වාඩි වෙලා තමා දිහා බලාගෙන ඉන්න ජන්කුක් ව.

"කුකී... මොකද අනේ බිම කරන්න මෙතනින් ඇවිත් වාඩි වෙන්නකො..."
ටේහ්‍යුන් තමන්ගෙ එහාපැත්තෙ තිබුන ඉඩට අතින් තට්ටු කරන ගමන් කියනකොට ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවෙ බෑ කියන්න.

"අනේ මොකක්ද කුකී... මමයි ජිමිනුයි බර කතාවක්"
ටේහ්‍යුන් ආයෙමත් මූණ ඇඹුල් කරන් කියනකොට පොඩි ළමයෙක් වගෙ මූණ හදාගත්ත ජන්කුක් ටේහ්‍යන් දිහා රවලා බැලුවා.

"මොකක් ද ඔච්චර තියන කතාව බබා...? මටත් වඩා වටිනවාද? හා ඈ..."
ජන්කුක් ඇහුවෙ තමා ගැන හොයනවාටත් වඩා ටේහ්‍යන්ට කතා කරන්න තරම් තියෙන්නෙ මොනවාද කියලා දැන ගන්න ආසාවෙන්.

"අයියො නෑ මෝඩයො... ඊයෙ මම තායි ඩ්‍රාමා එකක් බැලුවා ටුගෙදර් කියලා... ඒකෙ හිටපු කපල් එක......."

"ඕවා බලන්න ඕනෙ නෑ...  මම දිහා විතරක් බලන්න.. තේරුනාද? මම දිහා විතරයි.. තායි බායි මොකුත් ඕනෙ නෑ... මේ ඉන්නෙ එල කොල්ලෙක්..."
ජන්කුක් තමන් දිහාවට අත දිග් කරන ගමන් කෑ ගහනකොට ටේහ්‍යුන්ට හිනා ගියෙ පොඩි දේටත් ඊර්ෂියයා වෙන තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ව දැකලා.

"ඔයාට නම් හිනා... බලන්න මම මහත් වෙලා බිස්නස් විතරක් කරලා....  Sit up exercise ටිකක් වත් කරන්න මගෙ කකුල් දෙකෙන් අල්ල ගන්න බබා..."
ජන්කුක් ආයෙමත් ටේහ්‍යුන් දිහාවට අත දිග් කරලා කියනකොට ටේහ්‍යන් හිනා වෙන ගමන් ඇවිත් ජන්කුක් ගෙ අතින් අල්ලා ගත්තෙ බිම බලාගෙන. ටේහ්‍යුන් ඔහුගෙ අත තමන්ගෙ අත උඩ තියනකොටම ඒ හීනි දිග ඇගිලි මත තමන්ගෙ තොල් තියලා තද කරපු ජන්කුක් ලැජ්ජාව නිසා බිමට නැවිලා තිබුන ටේහ්‍යුන් ගෙ මූණ දිහා හිනා වෙලා බලාගෙන හිටියා.

"ඉතින් අල්ලා ගන්නකො..."
ජන්කුක් බිම දිගා වෙන ගමන් කියනකොට ටේහ්‍යුන් බිම දණ ගහගෙන ජන්කුක් ගෙ කකුල් දෙක හෙලවෙන්නෙ නැති වෙන්න අල්ලා ගත්තෙ ජන්කුක් ගෙ පිස්සු වැඩ දිහා බල බල හිනා වෙන ගමන්.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now