09 කොටස

1.8K 365 43
                                    

ටේහ්‍යුන් පඩිපෙලින් පහලට වැටෙනොකට ඒ සද්දෙ ට ජන්කුක් ගැස්සිලා හැරිලා බැලුවා. පඩිපෙල දිගෙ පෙරලිලා වැටෙන ටේහ්‍යන්ව එක් ක්ෂණයෙන් අදුරා ගත්ත ජන්කුක් තමන්ගෙ මග අවුරාගෙන හිටපු සේවකයො දෙන්නෙක් වත් තල්ලු කරගෙන ටේහ්‍යුන් වගට ගියත් ඊට කලින් ටේහ්‍යුන් පෙරලිලා පෙරලිලා බිමටම වැටුනෙ පන නැතිව.

"ටේහ්‍යුන්.... ටේහ්‍යුන්... ඇස් අරින්න"
ජන්කුක් පිස්සුවෙන් වගෙ කෑ ගැහුවෙ ටේහ්‍යුන්ගෙ නහයෙන් ගලාගෙන යන රුධිරය වගේම නලලෙ තියන රතු පාට තැලුම් පාර දිහා බලන ගමන්. තමන් පොලිස්මන් ව මරලා දාන හැටි ටේහ්‍යුන් ඇස් දෙකෙන්ම දැක්කා කියලා තේරුම් ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ගෙ සිහි නැති වීමට හේතුව ඒකයි කියලා වටහා ගත්තා.

මොහොතක් සිහි නැතිව පොලොව උඩ ඔහෙ වැටිලා ඉන්න ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු ජන්කුක් තමන්ගෙ අත් අතරට ටේහ්‍යුන්ගෙ පණ නැති සිරුර අරගෙන පඩිපෙල දිගෙ උඩට නැග්ගෙ ජන්කුක් ගෙ සේවකයො පුදුමයෙන් බලාගෙන ඉන්නකොට. සාමාන්‍යයෙන් මනුස්සයෙක් මැරුවාට පස්සෙ ගොඩක් සතුටින් සතුට සමරන ජන්කුක් ම අද එක කොල්ලෙක්ව අත් දෙකට අරගෙන පපුවට තුරුලු කරගෙන යන එක හැමෝටම පුදුමයක් උනා. යුන්ගී පවා ජන්කුක් දිහා බලාගෙන හිටියෙ ලොකු නොසන්සුන් කමකින්.

ජන්කුක් වෙනස් වෙලාද?

ටේහ්‍යුන් ව අත් අතරට අරගෙන කාමරයට ආව ජන්කුක් ටේහ්‍යුන්ව ඇද උඩ තියලා ඔලුව හිමීට පිරිමදින ගමන් මේසෙ උඩ තිබුණු කප් එකෙන් වතුර ටිකක් අරගෙන ටේහ්‍යුන්ගෙ මූණට ඉස්සා. ඒ සිහිය ආවෙත් නැති කොට ටේහ්‍යුන් හුගක් කම්පනය වෙලා කියලා තේරුම් ගත්ත ජන්කුක් තමන්ගෙ අත් දෙක වතුර වලින් තෙමලා ටේහ්‍යුන් ගෙ මූණෙ ගෑවෙ ඔහුගෙ නම මුමුණන ගමන්

වතුරවල තෙතමනය ටික ටික මූණට දැනෙනනකොට ටේහ්‍යුන් තමන්ගෙ ඇස් හිමීට ඇරියා. කදුලු පිරුනු ඇස් අස්සෙන් ටේහ්‍යුන් මුලින්ම දැක්කෙ බොඳ උන වට පිටාවක්. ඇස් අරිනවත් එක්ක කදුලු පිටතට ගලාගෙන යද්දි තමන් ඉස්සරහ හිටගෙන තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් ව දැක්ක ටේහ්‍යුන් එක පාරටම ගැස්සුනෙ ජන්කුක් ගෙ මූණ පුරාම තිබුණු ලේ පැල්ලම් දැකලා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now