🥀🥀 My ANTIFAN 🥀🥀 ....
" එහෙනම් මට....................................."
ජාන් අපහසුවෙන් වචන එකතු කරගෙන එසේ කියා යලිත් නතර කලේය...
" කියන්න ජාන් ....."
යීබෝ යලිත් කීවේය ...... ඔහු මේ තරම් පසුබට වන්නේ විශාල මුදලක් ඉල්ලීමට සිතන නිසා බව සියලු දෙනා සිතුවේ ය .....
" මේ මට එහෙනම් ඔයා ගැන වැරදියට හිතාගෙන කරපු හැමදේටම සමාව දෙන්නකෝ ..."
ටිකවේලාවක් වචන ගලපමින් හිද ජාන් කීවේය ... යීබෝ ලෙලේ දෙස බැලුවෙ අදහාගන්නට නොහැකි ලෙස පුදුමයෙනි .... ලෙලේ සිටින්නේද එලෙසින්ම පුදුමයෙනි ...
" ඔයාට වෙන මොනවත්ම ඕනෙ නැද්ද ගගා...."
සියල්ලන්ටම පෙර බින් හඩ අවදිකලේය .. මොකද ඔහු ජාන් ජීවිතේ ගැට ගසා ගන්නට කරන යුද්ධය හොඳ හැටි දන්නා අයෙකි.... මේ පාන්දර සිට රාත්‍රී 12 විතර වනතුරු ඔහු එක දිගට රැකියා තුනක නිරත වෙයි ... ඒ උපයන මුදලත් නැන්දාගේ බෙහෙත් වලටම අවසන් වන්නේය ....
" ඔව් මට වෙන මොනවත් ඕනේ නැහැ .. දැන් මට තියෙන්නෙ මම හරියට හොයන්න හොයන්නෙ බලන්නෙ නැතුව කරපු දේවල් වල පසුතැවීමක් විතරයි..."
ඒත් සමඟම ෆෙයි අත තිබුනු ජාන්ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය ...
Restaurant manejar........
යීබෝ එය දුටුවේය ..... යීබෝ ෆෙයිට දුරකතනය ජාන් අතට දෙන්න යැයි හිසින් කීවේය ...ජාන් ඉක්මනින් ඇමතුම සම්බන්ධ කරගත්තේය ...
" කොහෙද මිනිහො ඉන්නෙ....වැඩට එනවා විතරයි දැක්කේ ... මෙතන සෙනග පිරිලා තමුසේ කීයටද එන්නෙ ...."
මැනේජර් කෑගැසූ ආකාරය නිසා එය අනෙක් අයටත් ඇසුනි...
" මගේ මල්ලිට පොඩි කරදරයක් වෙලා මම හදිස්සියට එළියට ආවා ....මම තව විනාඩි දහයකින් ඔතනට එනවා ...."
ජාන් යටහත් පහත් ලෙසින් කීවේය ... යීබෝ මේ සියල්ල දෙස බලා සිටින්නෙ අදහාගත නොහැකි වයි ... මොකද ඔහු මිනිසුන්ගේ මෙවන් පැතිකඩවල් මීට පෙර දැක තිබුණේ නැත ....හැම කෙනාම ඔහුට ළං වන්නට උත්සාහ කරන්නේ වාසියක් බලාගෙනයි .... වාසියක් ලබා ගන්නට හොඳටම හැකියාව තියෙද්දිත් එයට පයින් ගසා යන පුද්ගලයකු දුටුවිට ඉතින් පුදුමයට පත් වීම සාමාන්‍ය දෙයකි ... ජාන්ගේ මවගේ අසනීප තත්වය සහ ඔහු ඉතා පහසුවෙන් ඇයගේ බෙහෙත්හේත් සඳහා මුදල් උපයන බව මීට ටික වේලාවකට පෙර ඔහුම කීවේය ...
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...