🥀 පස්වෙනි දිගහැරුම .....

3.2K 611 136
                                    

🥀🥀 MY ANTIFAN 🥀🥀 ......

" උඹෙ අම්මගෙ අලුත් මිනිහගෙ පරණ ගෑනිගෙ එකම පුතා යකෝ මම....."

ජාන් කෑගසමින් කීවේය .... සියල්ලන්ගේම කටවල් පොලොවට පතිතවූයේ මේ තුන්තේරුවිල්ල විසදාගැනීමට නොහැකිව ය....

" මොකක්ද ලෙලේ මේ කියන්නේ....."

" බේබි..... මැඩම් ශෙරීන්ගේ අලුත් හස්බන්ඩ් ගේ පුතාලු ...."

ටික වේලාවක් කල්පනා කරමින් සිටි ලෙලේ පිළිතුරු දුන්නේ ය... යීබෝ කිසිවක් නොපවසමින් ටික වෙලාවක් ජාන් දෙස බලා සිටියේ ...මුලින් තිබුණු හිතුවක්කාර මුහුණ වෙනුවට දැන් ඔහුගේ මුහුණෙහි ඇඳී ඇත්තේ වේදනාවකි .....

" තමුසේ මොකාගෙ මොකා වුනත් මට වැඩක් නෑනේ ... මං අහන්නෙ ඇයි මට මේ වගේ දෙයක් කළේ කියලා ...."

පෙර තරම් උස් හඬින් නොවූවත් තරමක් ගැඹුරු ලෙස යීබෝ ඇසුවේය ....ජාන් හිස බිමට පහත් කරගෙන කෙටි වේලාවක් සිටියේය .... සිදුවන සියල්ල දැන් අවබෝධ වී සිටී බින් ජාන් දෙස බලා සිටියේ අනුකම්පාවෙනි ....

" මේපාර කීයකටද තමුසෙ මාව විකුණන්න හදන්නෙ මිස්ටර් වන්ග් යීබෝ ......"

ජාන් එක්වරම හිස ඔසවා ඇසුවේය .... එම පැනයෙන් යීබෝ පමණක් නොව අනෙක් තිදෙනාද වික්ෂිප්ත ව බලා සිටියේය .....

"තමුසෙ හොද සිහියෙන් ද ඔය කතාකරන්නෙ..... ආ...."

ලෙලේ කෑගැසුවේය .....

" ඔව් හොද සිහියෙන් තමයි කතාකරන්නෙ .... මගෙ වාසනාවකට මම ජීවිතේ බේරගත්තා ...... ඇයි මිනිස්සු දම්මලා මාව විකුණන්න ගියපුවා මාස හතරට පහට අමතකයිද වන්ග් යීබෝ ......"

ජාන් කෑගසා ඇසුවේය ..... ඔහුගේ හැසිරීමෙන් ඔහු බොරුවක් කරනවායැයි සිතිය නොහැකිය... ඇත්තෙන්ම ඔහු සිටින්නේ කෝපය වේදනාව මුසු හැඟීමකින් බව එතැන සියල්ලන්ටම අවබෝධ විය ....

" වෙච්චි දේ කියනවා බොරුවට කෑගහන්නෙ නැතුව....."

යීබෝ සැරෙන් කීවේය ...

",ඇයි මම වෙච්ච දේ කියන්නේ .... වෙච්ච දේ මට වඩා හොඳට තමන් දන්නවා ඇතිනේ ......මෙතන කිසි දෙයක් කරේ නෑ කියලා අගවන්න වෙච්ච දේ කියන්නේ කියලද මට කියන්නේ ....."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now