🥀🥀 My ANTIFAN 🥀🥀 .........
ජාන් එතැනිනුත් අසරණ ලෙස එළියට ආවේය .....ඉතින් දැන් ඔහු මේ පාරදිගේ ෂැංහයි නඟරය දෙසට ගමන් කරයි... එක්වරම වේගයෙන් පැමිණි වාහනයක් ජාන්ගේ කන අසලින්ම බ්‍රේක් කර නතර කලේය...
**
ඔලුව තෝන්තුවාවෙන් මෙන් කල්පනා කරමින් ඉදිරියට ගමන් කරමින් සිටි ජාන් වාහනයේ තිරිංග තද කරන හඩට ගැස්සී පිටුපස බැලුවේය ..... වාහනය කාගේදැයි ඇතුලේ සිටින්නේ කවුරුන්දැයි හඳුනා ගන්නට ඔහුට එතරම් වේලාවක් ගත වූයේ නැත ....
" බුගී........"
පිටවූයේ හඬක් නොව ඉකියකි ...... අන්ත අසරණ වී සිටින මොහොතේ ඔහුගේ රුව දැකීම පවා ජාන්ට සැනසීමක් විය ....
" නගින්න ......"
එය ඉල්ලීමක් නොව අනකි..... ඒ හඬෙහි කෝපයක් වේදනාවක් යන දෙකම ගැබ්ව ඇති බව ජාන්ට අවබෝධ විය ...ඉතින් තවත් මොහොතක් හෝ මෙතන හිටගෙන සිටියහොත් කේන්තිය පිටතට පෙන්වන්නට ඔහු දෙවරක් නොසිතන බව දන්නා නිසාම ජාන් ඉක්මනින් වාහනයට නැග පිටුපස දොරද වසාගත්තේය ... රියදුරු අසුනේ ෆෙයි සිටි අතර ඔහුට එහා පැත්තේ අසුනෙහි ලෙලේ සිටියේය .... දැන් ජාන් වාඩිවී සිටින්නේ යීබෝ අසලයි....
වාහනයට ගොඩවී වාඩි ගත් සැනින් ජාන් සැණින් අසල තිබුණු වතුර බෝතලය රැගෙන එය එක හුස්මට අවසන් කළේය .... ඒ දෙස මද වේලාවක් බලාගෙන සිටි යීබෝ .....
" ෆෙයි..... ඉස්සරහින් වාහන අයින් කරලා නතර කරලා ...ලෙලේ එක්ක ලඟ ෂොප් එකකට ගිහිල්ලා pastry මොනවා හරි අරගෙන එන්න .... "
යැයි කීවේය ..... ජාන්ගේ හෙම්බත් වී දහඩිය දමා තිබෙන මුහුණ දුටු සැණින් ඔහු කුසගින්නේ සිටින බව යීබෝ අවබෝධ කරගත්තේය ... දෙදෙනාටම වාහනයෙන් බැස යන ලෙස පැවසූයේ සිදුවී ඇති දෙය ඔහුට පැහැදිලිව දැන ගන්නට අවශ්‍ය නිසාවෙනි ..... ප්‍රධාන පාරෙන් අතුරු පාරකට වාහනය හරවා ..විශාල ගසක් යට වාහනය නතර කළ දෙදෙනා ඉන් බැස ගියේය ....
" කුලියට ගෙවල් හොයන්න පාරවල් දිගේ ඇවිදගෙන යන්ඩ හේතුව විතරක් මට ඉක්මනට කියන්න ටුටූ...."
යීබෝ කෙලින්ම ගැටළුවට යොමු විය....හිත හැදෙන්නට සුරතල් වදන් දොඩන්නට ඔහු දන්නේ නැත ..... උදෑසන සිට සිදුවී ඇති සිදුවීම දැනගත් මොහොතේ සිට ඔහු සිටින්නේ කලබලයෙනි ....
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...