🥀 විසිපස්වන දිගහැරුම ....

2.8K 534 162
                                    

🥀🥀 MY ANTIFAN 🥀🥀 .........

🌞🌞🌞🌞

එලාම් එකේ හඩට ජාන් අවදිවිය..... ඔහු සිටින්නේ යීබෝගෙ පපුව මතයි.... පෙරේදා රාත්‍රියේ ජාන් පළමු වතාවට යීබෝගෙ නිවසෙහි ඔහුගේ සුවිසල් සයනෙයේ යීබෝ තුරුලේ නිදාගත්තේය .... ලෙලේවත් කිසිවෙකුත් කිසිවක් කියන්නට ගියේ නැත...

එලාම් එක ඕෆ් කර ජාන් වෙලාව බැලුවේය ... පාන්දර තුන ලෙස එහි සටහන්ව ඇත.... යීබෝ පිටත්වන්නේ තුනයි හතලිස්පහට කියූ නිසා ජාන් ඉක්මනින් ඇදෙන් බැස මුලුතැන්ගෙයට ගියේය .... කියෝ තවමත් අවදිවී නැත... ලෙලේටත් එක්කම කිරිකෝපි සෑදු ජාන් මග් තුනට ඒවා වත්කරද්දී ලෙලේ අවදිවී ආවේය ...

"Good morning ලෙලේ අංකල් ...."

කටත් ඇරගෙන ජාන් දෙස බලා සිටින ලෙලේට ජාන් කීවේය ...

" good morning ජාන් බේබි ..... ඇයි පාන්දර නැගිට්ටෙ... මම තවටිකකින් බේබිව ඇහැරවන්නනේ හිටියේ...."

" හ්ම්ම්....මේක බීලා ඔයත් ලෑස්තිවෙන්න ...මම එයාව නැගිට්ටවන්නම්....."

ජාන් සිනාසෙමින් කීවේය .......

" ජාන් බේබි ...."

කෝපි මග් දෙක සහ වතුර වීදුරුව සහිත ට්‍රේ එකත් රැගෙන යන්නට හැරුණු ජාන්ට ලෙලේ කතාකලේය ......

" කියන්න අංකල් ....."

"බේබි හිනාවෙලා ඉන්නවා දැක්කෙ අවුරුදු ගානකින්... මට හරිම සතුටුයි ..... එයා මෙච්චර කාලෙකට කාටවත් ඔහොම ලංවෙලා නෑ ... ඒත් කරදර ගොඩාක් එයි ජාන් බේබි... නැති දේවල් උනා වගේ පෙන්නන්න හදයි.... මේ ෆීල්ඩ් එක එහෙම තමයි ... කවුරු මොනවා කිව්වත් මුලින්ම මගෙන් අහන්න ... මොකද මමනේ එයා ලඟින්ම ඉන්නෙ...මං ආසනෑ ආපහු බේබි දුක්විදිනවා බලන්න....."

ජාන් සියල්ල හොදින් අසා සිටියේය ...

" මට තේරෙනවා ලෙලේ අංකල් ... බයවෙන්න එපා .. මං එයාව අතාරින්නෑ .....යන්න ගිහින් ලෑස්තිවෙන්න .... ඊලගට පරක්කු උනොත් බෝම්බෙ පුපුරයි....."

දෙදෙනාම එක්වර සිනාසුනේය .... ජාන් ඉක්මනින් කාමරයට ආවේ යීබෝව අවදිකිරීමට උවත් ජාන් ඇදෙන් බැස යනවිට යීබෝ අවදිවිය.... ජාන් හෙමින් හෙමින් කාමරයට එන හඩත් ට්‍රේ එක මේසය මතින් තියන හඩත් දෙනෙත් වසාගෙන ඔහු අසා සිටියේය ...

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now