🥀 තිස් එක්වෙනි දිගහැරුම .....

2.8K 540 273
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ......

🌞 🌞🌞🌞🌞

ඉතින් ජාන්ගේ හිතම සතුටින් පුරවන දිනයට අරුනලු නැගුනි.....සුපුරුදු ආදරණීය උණුසුම අස්සේම ජාන් දෙනෙත් හැරියේය .... අවදිවූ ජාන්ගේ දෙනෙත් තිබුනේ හරියටම යීබෝගෙ පපුව මධ්‍යයේය.... ඉතින් එතැනට ආදරණීය හාදු කිහිපයක්ම තැබූ ජාන් හෙමින් දුරකතනය අතට ගෙන වෙලාව බැලුවේය ....

7.10.....  ජාන්ගේ මුවඟට සිනාවක් මතුවිය.... පාන්දර හතරයි හතලිස්පහට අවදිවූ නපුරු යීබෝ කොහේදැයි ඔහුට සිතුනි... ඔහුගෙන් මිදී අවදීවන්නට සිත ඉඩ නොදෙන නිසාම ජාන් යලිත් ඒ පපුව මත්තේ දෑස් පියාගත්තේය ... එවරනම් හිස්මුදුනට හාදුවක් ලැබුනි....

" නැගිට්ටද බුගියෝ...."

",හ්ම්ම්ම්...... "

ජාන් පපුවෙන් මිදී ඉහලට ආවේය ... පසුව යීබෝගෙ පිරුනු කම්මුලක් සිපගත්තේය .....

" ඔහොම ඉන්න.... මම කිරි හදාගෙන එන්නම්...."

ජාන් යිබෝගෙන් ඉවත්වෙන්නට හදමින් කියූවත් සිදුවූයේ ග්‍රහණය තවත් වැඩිවීම පමණකි....

" අනේ.... තව ටිකක් ඉන්නකො ටුට්ටෝ......"

ජාන් සිනාසෙමින් යීබෝගෙ ඇඟට කකුලකුත් දමාගත්තේය ...

" බුගී......"

" හ්ම්ම්ම්..."

" තව දවස් දහයකින් මොකක්ද තියෙන්නෙ ...."

ජාන් යීබෝගෙ නිරුවත් පිට අතගාමින් ඇසුවේය  ...

" මොකක්ද මැණික ......"

පිළිතුර දන්නා නමුත් නොදන්නවා මෙන් යීබෝ ඇසුවේය ...

" ඇයි අනේ හැපි ටූ ටූ එක..... මගෙ බුගීගෙ...."

ජාන් සිනාසෙමින් කීවේය ....

" හ්ම්ම්ම්ම්.... ඉතින් මට දැන් මොකක්ද කරන්න කියන්නෙ...."

" එදාට රෑ වෙලා හරි එනවා නේද ...."

ජාන් දුකින් මෙන් ඇසුවේය ...

" මගෙ මැණික මට එන්න කිව්වොත් මම කොහොම හරි එනවා ...."

යීබෝ ජාන්ව සිපගනිමින් කීවේය ... යීබෝට ඇත්තෙ වේදනාවකි ... නිදහසේ හුස්මක් ගන්නට නම් තව මාස හයක් හතක් පමණ බලා සිටිය යුතුය .. සියල්ලටම වඩා තමන්ගේ දේවල්වලදි ජාන් දුක් වන අයුරු බලා සිටින්නට ඔහු අකමැතිය ... තවත් ටික වෙලාවක් යීබෝට තුරුළු වී සිටී ජාන් පහලට ගියේ කිරි හදාගෙන එන්නටයි...

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now