🥀 තිස් හතරවෙනි දිගහැරුම ....

2.4K 496 221
                                    

🥀🥀  My ANTIFAN 🥀🥀 ..........

හෙට හිරු උදාවන්නේ යීබෝ වෙන්වී යන ශෝකයෙන් බව ජාන් හොදින්ම දන්නේය.... නමුත් යථාර්ථයට මුහුණ දිය යුතුමය ...මෙම කරදර ගැටලු සියල්ල පවතින්නේ තවත් මාස කිහිපයක් පමණක් නිසා ඔහු අපහසුවෙන් නමුත් හිත හදා ගත්තේය ....

***

🌞🌞🌞🌞

යීබෝට පිටත්වෙන්නට තිබුනේ උදෑසන හයටයි..... ඉතින් ජාන් එලාම් එක තබා තිබුනේ පාන්දර හතරයි තිහටයි .... ඉතින් හිරු නැගෙන්නටත් ප්‍රථම එලාම් එකේ හඩට ජාන් අවදිවිය... තවත් විනාඩි කිහිපයක් යීබෝගෙ හදගැස්මට සවන්දීගෙනම සිටි ඔහු දැනෙන නොදැනෙන ලෙසින් පපු මතට හාදුවක් තැබුවේය ....

යීබෝගෙ පපුව දුටු ජාන්ගේ මුවඟට නසරානි සිනාවක් ආවේය...පෙරදා රාත්‍රියේ වැඩිපුරත් ඒ පපුව සැපූ නිසා දැන් ඒ මත අපූරු රටා මැවී ඇත.....

" මගේනේ....."

ජාන් තමන්ටම කියාගනිමින්  ඇදෙන් බැස්සේය ....

" ආහ්....."

පෙරේදා රාත්‍රියේ කෙරූ දගකාරකම් වලට පින්සිද්ද වන්නට ජාන්ගේ පිටුපස කොටස වේදනා දෙන්නට පටන්ගත්තේය ..... සෙමින් සෙමින් වොෂ් රූම් එකට ගොස් ඇදුමක් මාරුකරගත් ඔහු ඉක්මනින් පහලට ගොස් කිරිකෝපි දෙකක් හදාගෙන යලිත් උඩුමහලට ආවේය ... දැන් වේලාව පාන්දර පහ ලෙස සටහන්ව ඇත....

" බුගී .......බුගියෝ........... මගෙ බුගියා..........."

ජාන් යීබෝගෙ ඇගෙහි තිබූ බ්ලැන්කට් එක ඉවත්කර ඔහුගේ නිරුවත් සිරුර උඩට විත් කතාකලේය...

" හ්ම්ම්....ටුටූ........"

ජාන්ගේ දෙතොල් පහසට දෙනෙත් හරිමින් යීබෝ කෙදිරිගෑවේය ...

" පහයි වෙලාව .... නැගිටින්න ඉතින්...හයට යන්න එපැයි...."

ජාන් යීබෝගෙ නලල සිපගනිමින් කීවේය ...

" අනේ ටුටූ මට යන්න බෑ අප්පා මගෙ මැණිකව දාලා...."

යීබෝ ජාන්ව වැළදගෙන කීවේය ... ඉතින් දුකක් උවත් සමුගත යුතුමය ...යීබෝගෙ සිත උදෑසනින් රිදවන්නට ජාන්ට අවශ්‍ය නැත..... කොයි තරම් වේදනාවක් හිතේ සඟවාගෙන සිටියත් ඔහු යීබෝ වෙනුවෙන් සිනාසෙමින් ඉන්නට තීරණය කලේය.... පිටව යන්නේ ඔහුය....උදෑසන සිට රාත්‍රිය වන තුරු ම වෙහෙස වන්නේ ද ඔහුය ....නිවසට වී හඬන්නට තමන්ට හැකි ය .....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now