🥀 හත්වෙනි දිගහැරුම ....

3.2K 592 178
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .....

කුවාන් එක් පසෙකටත් ජාන් තවත් පසකටත් ඇවිද ගියේය..... මේ මාස හය හතට ජාන්ට මේ පාරවල් හොදටම පුරුදුය... ඔහු ඉතින් ඉක්මනින් ඇවිදයන්නට ගත්තේ වේලාව දොලහයි විස්ස ලෙසින් දුරකතනයේ සටහන් වෙද්දීය....බිම බලාගෙන ඉදිරියට ගියත් එක්වරම ...................................

*
*
*

කවුරුන් හෝ දෙදෙනෙක් ඔහුගේ පාර හරස්කරගෙන සිටිනු දුටු නිසා ජාන් එක්වරම නතර විය...ඒ මද අන්ධකාරය පැවති ස්ථානයක් ඌවත් සිටින දෙදෙනාගෙන් කෙනෙකු හදුනාගන්නට හැකිවූ නිසා ජාන්ගේ මුලු සිරුරම පන නැතිව ගියේය ....

" ඉතින් ස්වීටි කොහොමද ..."

ෂූයෑන්ග් අවලං සිනහවක් සමඟින් ජාන් අසලට එමින් කීවේය .. වචනයක් වත් කතාකරගන්නට නොහැකිව ජාන් පස්සෙන් පස්සට යන්නට පටන්ගත්තේය .... ඒ අස්සේ ජාන්ට එදා සිදුවීමත් සිහිවෙන්නට විය....

" තව කොච්චර දුර ඔය විදිහට යන්න හිතාගෙන ඉන්නවද ... ඉතින් අපි ටිකක් කතා කරමු ස්වීටි ..."

ෂූයෑන්ග් ජාන්ගේ අතකින් අල්ලාගත්තේය ...

" කරුණාකරලා මාව අත ඇරලා මට යන්න දෙන්න ...... "

ජාන් ඉතාමත් කාරුණිකව ඉවසීමෙන් කීවේය ...

" අහ්....හා.... යන්න දෙන්නම් අපි කතා කරල ඉවර වුණහම .... මොකද කියන්නේ කලබලයක් නොකර ගිහිල්ලා අර වාහනයට නගිනවා ද  ... එහෙම නැත්තං අපි දෙන්න අත පය ගැට ගහලා දානකම් රණ්ඩු කරනවා ද ...."

හියුන්ද ඒ අසලට එද්දී ෂූයෑන්ග් කීවේය ....

",මං ඔයාලට කිසිම වරදක් කරල නෑනෙ ... එදා මට කරදර කරපු නිසා තමයි මම ගැහුවෙ ..... ඒක නිසා මට මගේ පාඩුවේ යන්න දෙන්න ....."

ජාන් බැගෑපත්ව කීවේය .....

ෂූයෑන්ග් ගේ අතට හිර වී තිබෙන අත මුදාහැර ගන්නට දඟලන අතරම ජාන් කීවේය ...

",මෙච්චර දවසක් මට උඹව අමතක වෙලා තිබුනේ .... ඒත් උඹේ step brother මේ ලඟදි හදිසියේ කතා කරලා උඹ මතක් කරපු හින්ද මට ආයෙ උඹේ රස බලන්න හිතුනා ..... "

ෂූයෑන්ග් ජාන්ව අතින් ඇද පපුවට තුරුලුකරගෙන කීවේය ...... ජාන් දගලා කෙසේහෝ පපුවෙන් මිදී පැත්තකට විය.... වටපිටාවේ කිසිවෙක් පෙනෙන්නටත් නැත ..... අඩුම තරමේ එම මාර්ගයේ මේ වෙලාවට වාහනයක්වත් යන්නේ නැත .... ජාන් අසරණ ලෙසින් වටපිට බැලුවේ හවුහරණක් තිබේදැයි සිතාය..... බලුබල්ලෙක් නැත...

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now