🥀🥀 My ANTIFAN 🥀🥀 .....
⏳⏳⏳
දින කිහිපයක් සාමාන්‍ය පරිදි ගතවී ගියේය .... එදා ජාන්ව බලා යලිත් ෂැංහයි පැමිණි යීබෝ ,කාර්‍ය බහුල විය .... හරියටම දින හතරකට පසුව ඔහු යලිත් හුනාන් යන්නට සූදානම් විය... ඉතින් රැයක් ගතකරන්නට එන්නට නොහැකි වූවත් පිටත්වෙන්නට පැයකට පෙර යීබෝ ලෙලේගේ උදව්වෙන් ඉක්මනින් ජාන් බලන්නට ආවේය ....
වෙලාව පාන්දර තුන ලෙස සටහන්ව තියෙද්දී යීබෝ ජාන් සිටින නිවස අසල වාහනය නතරකලේය ...ඔහු ආවේ චෙන්ගේ කාර් එකෙන් ය.... ජාන් ඔහුව බලාපොරොත්තුවෙන් ෆෙයි සමඟ මිදුලට වී සිටි අතර වාහනය ආ සැනින් දුවගෙන ගොස් වාහනයට ගොඩවිය ....
" ෆෙයි ඔතනම ඉන්න.... ටිකක් ඉස්සරහට ගිහින් ඉක්මනින් අපි එනවා....."
යීබෝ ෂටර් එක පහත්කර එසේ කියාගෙන නිවාස කිහිපයකට එහායින් ඇති මුහුදු වෙරළ ආසන්නයේ වාහනය නතරකලේය ....
" එන්නකො...."
යීබෝ ඔහුගේ කකුල් දෙක පෙන්වන පමාවට ශාන් ඒ මතින් වාඩිවිය......
" මගෙ ටුටූ මැණික ...."
යීබෝ ජාන්ව තදින් සිපගන්නට පටන්ගත්තේය ....
" බුගී....හ්.."
දෙතොල් සිපගත් යීබෝ ජාන්ගේ ගෙල මත සිපුම් කිහිපයක් තබද්දී ඔහුගේ මුවින් සියුම් කෙදිරියක් නික්මිනි ... ජාන් පමණක් නොව යීබෝත් මේ පහස විදින්නේ හරියටම දින හතරකට පසුවයි ...
ජාන් හැදසිටි කමිසයේ බොත්තම් දෙකතුනක් ගැලවූ යීබෝගෙ ඒ පපුව මත සියුම් හාදු රාශියක් තැබුවේය ...
" දවස් කීයක් හුනාන් ඉන්නවද බුගී....."
යීබෝට තියෙන්නේත් විනාඩි විස්සක් පමණි ඉතින් ඒ දෙතොල් පහස විදඟන්නා අතරම ජාන් කතාකරන්නත් අමතක නොකලේය....
" හතරයි මැණික ....."
යීබෝගෙ ජාන්ගේ පපුව මත මුහුණ තියාගෙනම සිටියේය ..
" හතරයි කියන්නේ අගෝස්තු 3 ..... ඊට දවසකට පස්සේ උපන්දිනේ .... ඔයා එනවා නේද බුගී....."
ජාන් යීබෝගෙ හිස පිරිමදිමින් ඇසුවේය ....
" අගෝස්තු 5 උදේ ඉඳලා මම බිසී ... හැබැයි රෑ රෑ අටෙන් පස්සේ 12 වැන්න කලින් මම එනවා ....තේරුනාද ..."
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...