🥀 විසි හයවෙනි දිගහැරුම ....

2.8K 529 312
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .........

ජාන් ෆෙයි අතට දුරකතනය දුන්නේය .... විනාඩියක් පමණ ඔහු ෆෙයි සමගින් කතා කළේය .... ඉන්පසුව දුරකථනය ජාන් අතට දී ගොස් දොර විවර කලේය ....

" කලබල නොවී කතාකරන්න ටුටූ.... මං තියන්නම් ....."

**
**

"ආහ්.... සැප නේද දැං....."

නිවසට ඇතුලුවූ ශෙරීන් ආහාර ගනිමින් සිටි ජාන් දෙස බලාගෙන පපුව මත දෑත් බැදගෙන කීවේය ... ඇයට පිටුපසින් ෂියාඕ සිටියත් ඒ දෑස්නම් අසරණවී තිබුනි   ... නමුත් ජාන් ඒවා බලන්නට ගියේ නැත .... ෆෙයි ජාන් පිටුපසින් හිටගත්තේය .... කියෝ ත් එතැනට ආවේය ...

" තමුන්ට මම කතාකලේ ඇයි කතාකරන්න බැරිද හිඟන්නට....."

මෙතෙක් වේලා ශෙරීන් කුමක් කීවත් නිහඬව ආහාර ගනිමින් සිටි ජාන් ඇගේ අවසන් වචන කිහිපය සවන් වැකෙද්දීම ආහාර ගැනීමත් නවතා වේගයෙන් පුටුව පසෙකට කර නැගිට්ටේය .... නොසිතූ මොහොතක ජාන් එසේ සිදුකිරීම නිසා ශෙරීන් මදක් පසෙකට විසි වී ගියේය ....

" මොකක්ද කිව්වෙ මිසිස් ෂියාඕ ...."

ජාන් කේන්තියෙන් ඇසුවේය ..... ශෙරීන්  කෙසේවෙතත්  ෂියාඕ වත් ජාන් මේ අයුරින් කේන්තියෙන් සිටිනු මීට පෙර කිසිදු අවස්ථාවක දැක තිබුණේ නැත ....

" කිව්ව දේ තමුන්ට ඇහෙන්න ඇති නේ ..."

ආඩම්බර ලෙසින් ශෙරීන් කීවේය ....

" මම හිඟන්නෙක් වුනානම් හිඟන්නෙක් උනේ ඔය තමුන්ට පිටිපස්සෙන් හිටගෙන ඉන්න මිනිහා නිසා....එහෙම නැතුව මම උපතින්ම හිඟන්නෙක් නෙමෙයි .... මගේ තත්ත්වය මතක් කරල යන්න ආවා නම් හරි දැන් ඒක මට මතක් උනා ..... එහෙනම් කරුණාකරලා මෙතනින් පිට වෙලා යන්න....."

ජාන් කේන්තියෙන් නමුත් ඉවසීමෙන් කීවේය ....

" තමුසේ කවුද මට මෙතනින් යන්න කියන්න ....."

ශෙරීන් තවත් අඩි කිහිපයක් ඉදිරියට ආවේය ....

" මම වන්ග් යීබෝගෙ බෝයිෆ්‍රෙන්ඩ් ... තවත් මොනවහරි දැනගන්න ඕනෙද  .."

ශෙරීන් මෙන්ම ෂියාඕ සිටින්නේත් හිතාගන්නට නොහැකිවයි..... මොකද මීට පෙර ඔවුන් දැකතිබුනේ වචන දෙකක් කියූ සැනින් මූණ බිමට හරවගෙන කඳුළු සලන බයාදු පිරිමි ළමයෙකි.....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now