🥀 තිස් අටවෙනි දිගහැරුම ....

2.3K 471 239
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ...........

🌞 🌞🌞🌞🌞

ලන්ඩන් අහසට අලුත් ඉරක් පායා තිබුනි.... පාන්දරින්ම ඔවුන්ගේ කුටියටත් තද අවු රැල්ලක් වැටුනේය ..

" ටුටූ බබා....."

ජාන් තවමත් යීබෝගෙ පපුවට නැගගෙනම තද නින්දේය ... ජාන් අතක් කකුලක් සහ සිරුරෙන් බාගයක්ම ඇත්තේ යීබෝගෙ සිරුර මතයි.....

" අනේ බුගී පපා..... තව ටිකක් ඉමුකො.."

ජාන් ඒ ගෙල අස්සේම මුහුණ හංගා ගනිද්දී යීබෝ සිනාසුනේය ..

" දැන් ඊයෙ රෑ කියෙව්වා නේද ඇවිදින්න ඕන.... අරකයි මේකයි කියලා ..."

යීබෝ ජාන්ගේ නිරුවත් පසුපස අතගාමින් කීවේය....

" හරි ඉතින් ටිකකි යමු ....."

" ඔන්න අදනම් බුගී පපා මාස්ක් දාන්නෙ නෑ නේද... මගෙ අතින් අල්ලගෙන නේද යන්නෙ....."

හොටෙල් එකෙන් පිටතට පැමිණි වහාම යීබෝගෙ අතේ එල්ලෙමින් ජාන් ඇසුවේය ..මේ ඔහුගේ සිහිනයකි..

" අද මේ අත අතාරින්නෑ ඔන්න....අද ටුටූගෙ දවස..... "

යීබෝ ජාන්ගේ අල්ලාගෙන තිබෙන අත ගෙන ඒ මතින් හාදුවක් තබමින් කීවේය ....


" ටැක්සියක යමුකො ටුටූ බබා ..... "

ජාන් බලෙන්ම යීබෝව බස් නැවතුම් පළක් වෙත ඇදගෙන එද්දී ඔහු කෙඳිරි ගෑවේය ..ඇත්තෙන්ම ඔහුට බස් ගමන් නම් පුරුදු නැත ....

" දැන් හොටෙල් එකෙන් එලියට එනකොට කිව්වේ මොකක්ද .....අද දවස ටුටූගේ..... එහෙනම් අද වැඩ කරන්න ඕනේ ටුටූට ඕනෙ විදිහට . .."

ජාන් යීබෝ සමගින් තට්ටු දෙකේ බස් එකක උඩුමහලට ගියේය ...

" හරි එහෙනම් යමංකො...."

යීබෝ සිනාසෙමින් කීවේය .....

",මරු නේ මෙතන ...."

බස් එකේ අසුනක වාඩිවී වටපිට බලමින් ජාන් කීවේය ..උඩුමහලේ වුවත් සීට් පිරෙන්නට සෙනඟ හිටියේය.... ජාන් යීබෝගෙ උරහිසකින් හිස තියාගත්තේය ....

",බුගී පපා ....."

" හ්ම්ම්ම්..."

" මම මේ ඔයා එක්ක නිදහසේ මෙහෙම ගමනක් යනවමයි .....මට අද ගොඩක් සතුටුයි ...අපි හවස් වෙනකන්ම ඇවිදිමු හොදේ...."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now