🥀 දහ අටවෙනි දිගහැරුම .....

3.2K 597 148
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ...........

දින කිහිපයක් සාමාන්‍ය පරිදි ගෙවී යද්දී ජාන් හැරන් යටතේ හොද පුහුණුවක් ලබමින් සිටියේය .... කරන්නට හැදූ සියලුම යටිකූට්ටු වැඩ අප්සෙට් වී ගිය නිසා යැංසි , ශෙරීන් ෂූයෑන්ග් මෙන්ම චාඕද ටික දිනකට නිහඩව සිටින්න තීරණය කලේය....ඒ කාලයේ හොද සැලැස්මක් නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කලේය .... කොහොමත් ස්ටූඩියෝ එකෙහි සිදුවන දෛනික සිදුවීම් වල තොරතුරු චාඕගෙන් ඔවුන්ට ලැබුනි..

" හැරන් ජාන්ව මගෙ කැබින් එකට එවන්න..."

දිනක් සවස තුනට පමණ යීබෝ හැරන්ට ඇමතුමක් දුන්නේය .... යීබෝ අද ස්ටූඩියෝ එකට ආවේ දින තුනකට පසුවයි .. මේ දිනවල ඔහු ඉතා කාර්‍ය්බහුල වී ඇත්තේ අලුත් රූපවාහිනී වැඩසටහනක නිවේදකයෙක් ලෙසින් සහභාගී වන නිසාවෙනි ....

" ජාන් .... අන්න සර් ඔෆිස් එකට එන්න කිව්වා....."

ජාන්ගේ මුහුණ එළිය වැටෙනු හැරන් හොදින්ම දුටුවේය .... ජාන් ඉක්මනින් හැරන් අසලින් ඉවත්වී යිබෝගේ කැබින් එක දෙසට ගියේ හිතින් ඔහුටත් බනිමිනි.....

' මෝඩ බුගියට දවස් තුනකට පස්සෙ මාව මතක්වෙලා ... අර ටීවී එකේ ඉන්න කෙල්ලො අද තුරුලු වෙන්න ආවෙ නැතිද දන්නෑ ...'

" එක්ස්කියුස් මී සර්......"

ජාන් තරහටම අනෙක් සේවකයින් මෙන් දොර අසලට ගොස් එක්ස්කියුස් කලේය.... යීබෝ ඔහුට ඇතුලට එන්න යැයි නොකියා වාහනේ යතුරත් පෝන් එකත් ගෙන කැබින් එකේ දොර අසලට ආවේය ....

" එන්න......."

ඔහු ඉස්සරවිය.... ජාන් කිසිදු කතාවක් නැතිව ඔහු පසු පසින් ගියේය .... ලෙලේ රිෂෙප්ෂන් ඇනා අසල සිටියත් පස්සෙන් ආවේ නැත..... යීබෝ රුයදුරු අසුනට යද්දී ජාන් අනෙක් පසින් නැග්ගේය ..... යීබෝ කෙලින්ම ගියේ පියාගේ නිවසටයි....

" දොර අරින්න ටුටූ ...."

යීබෝට කෝල් එකක් ආ නිසා යතුර ජාන්ට දුන්නේය .... ජාන් යීබෝ එනතුරු දොරත් හැර වතුර උණුවෙන්නට තැබුවේය ....

" මම මේ කියන්න ගියේ කිරිකෝපි බොමු කියලා ....."

යීබෝ නිවස තුලට විත් පැන්ට්‍රියට එබෙමින් කීවේය ...ජාන් සිනාසුනේය .. තවත් විනාඩි කිහිපයකින් යීබෝ ඔෆිස් කමිසය ගලවා සැහැල්ලු ටීෂර්ට් එකක් ඇදගෙන එදාමෙන්ම මුලුතැන්ගෙයින් මිදුලට ඇති දොර හැරියේය ...

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now