🥀🥀 My ANTIFAN 🥀🥀 ........
" මමත් ආදරෙයි මගෙ නපුරු බුගීට....."
ජාන් ඇසෙන නෑසෙන ලෙසින් කීවේය .... යීබෝ ජාන්ගේ හිස්මුදුන සිපගත්තේය .....
**
" මොකෝ ලෙලේ මේ අමුතුවෙලා..... දැන් වතුර බෝතල් කීයක් බිව්වද....."
මුලුතැන්ගෙයි සිටි කියෝ ඇසුවේය ...
" ජාන් බේබිගෙ කාමරේ දොර කන තියන් ඉදලා ඔය මොකක්ද වෙලා....."
සොන් ලූණු ගස් වගයක් සුද්දකරමින් කීවේය ...
" කටවල් වහගනියව්...... "
ලෙලේ එතැනින් ඉවත්වි ආලින්දයට ආවේය ...... බේබි ජාන් හට ආදරය ප්රකාශ කරනු ලෙලේට ඇසුනේය ... සතුටුවන්නද දුක්වෙන්නද කියා ඔහුට අවබෝධයක් නැත්තේය ..... නමුත් ඉදිරියට ප්රශ්න රාශියකට මුහුණ දෙන්නට වන බවනම් නොරහසකි ...
එක් පැත්තකින් බේබිගේ මව මෙන්ම යැංසි ...... අනෙක් පැත්තෙන් ක්ෂේත්රය ... තවත් අතකින් ජාන්ගේ පියා .... ලෙලේ පපුව පුරවා හුස්මක් ගත්තේය ... ලෙලේ යනු යීබෝගෙ පියාගෙ හිතවතෙකි.... යීබෝ කුඩාකල සිටම ලෙලේ ඔහු අසලින් සිටියේය .. ඉතින් මොන ගැටලුව ආවත් බේබිව මෙන්ම දැන් ජාන් වත් තමන් ආරක්ෂාකල යුතු බව ඔහු තරයේම අදිටන්කරගත්තේය ....
**
" කෝ.... එන්නකො....."
යීබෝ ඇදමතින් වාඩිවී ජාන්ට අඩගැසුවේය... ජාන් තරමක් ලැජ්ජාවෙන් යීබෝ අසලට විත් ඔහු අසලම ඇඳෙන් ඉඳගන්නට ඉඳ ගන්නට හැදුවත් එක්වරම යීබෝ ඔහුගේ අතක් ජාන්ගේ ඉනවටා දමා ඔහුව තමන්ගේ කකුල් දෙක මතින් වාඩි කරවා ගත්තේය .... ජාන්ගේ මමුහුණට වඩා ස්ට්රෝබෙරි හොදයැයි යීබෝට සිතුනි.... ඔහුට ලැජ්ජා සිතී ඇතිනිසා රතුවී සිටින්නේය ....
" යකෝ......මෙහෙම රතුවුනොත් ඇති ඉතින්....."
රතුවී දිලිසෙන කොපුලක් මතින් හාදුවක් තබමින් යීබෝ කීවේය ....
" අහන්න ටුටූ... අද මේ කාමරයේදී ඔයාව මගේ පපුවට අරගෙන මම උඹට ආදරෙයි කියලා කිව්වේ ආය කවදාවත් අතාරින්න හිතාගෙන නෙමෙයි .... ඔයයි මමයි දෙන්නම හොඳටම දන්නවා අපිට තියෙන ප්රශ්න ... අනික තමා මගේ ජනප්රියත්වයත් එක්ක තව ගොඩක් ප්රශ්න ඉස්සරහට එයි .. මොන ප්රශ්නේ ආවත් මුලින්ම මතක තියාගන්න මේ පපුවේ ඉන්නේ උඹ විතරමයි ටුටූ..... එන ඕනෙම ප්රශ්නෙකට දෙන්න එකට මූණ දෙමු.... ඒ වගේම තමා අද උදේ වගේ ආපහු කිසිම දවසක තියන ප්රශ්නයක් මට නොකියා තනියම විසඳුම් හොයන්න යන්න එපා ... මම කියන එක තේරෙනවද ... ඔයා කොල්ලෙක් තමා ... කෙල්ලෙක් වගේ මගේ ඇහැ මාසේ තියාගෙන පරිස්සං කරන්නත් ඕනේ නෑ තමා ... ඒත් මේ තියෙන්නෙ මගේ ආදරේ නිසා මම පරිස්සම් කරනවා ..... අනෙක ටුටූ ඔයා හොදටම දන්නවා ෂූයෑන්ග්ගෙයි යැංසිගෙයි ප්රශ්න.... ඒකනිසා සිද්ධ වෙන හැම දේම මට අකුරක් නෑර කියන්න.... අපි දෙන්න එකට ඉන්නකොට පිටින් එන ප්රශ්න කොච්චර ආවත් ගැටලුවක් නෑ ... දැන් මම කියපු හැම දේම හැම දේම තේරුණාද මගේ ටුටූට ...."
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Hayran Kurgu💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...