🥀🥀 MY ANTIFAN 🥀🥀 ....
🌞 🌞🌞🌞🌞
මාස හත අටකට පසුව ජාන් අද උදෑසන හත වන තුරු නිදා ගත්තේය .... පෙරදා වෛද්‍යවරයා විසින් ලබාදුන් වේදනා නාශක නිසාවෙනුත් අද උදෑසනම රැකියාව සඳහා යන්නට අවශ්‍ය නැති නිසාමත් ශාන් ආසාවෙන් ඇඳටම වී සිටියේය .... ඔවුන් මේ සිටින්නේ ඔවුන්ගේ මාමාගේ නිවසේය . මාමා කොයි තරම් කරුණාවන්ත වුවත් නන්දනිය නම් ඉතින් මේ මාස පහ හය ට කරන්නට පුළුවන් කෙනහිලිකම් සියල්ල කර අවසන්ය ... ඒ සියල්ල සිදුවන්නේ මාමා නිවසේ නැති අතරේ නිසාවෙන්ම ජාන් වත් ෂූයී වත් ඒවා මා මට පවසන්නට යන්නේ ද නැත ....
ජාන් උදෑසන 7 වන විට අවදි වී මුළුතැන්ගෙය දෙසට ගියේ මවගේ උදෑසන ආහාර වේල රැගෙන ඒමටයි ... ඒ වන විට බින් කොලේජ් ගොස් සිටි අතර මමා වැඩට ගොස් සිටියේය .... අනිවාර්යයෙන් කුමක් හෝ හිත රිදෙන වචනයක් අසන්නට සිදු වෙන බව දැන දැනත් ජාන් මුළුතැන්ගෙය දෙසට ගියේය...
" ඔය හම්බ වෙනවා කියන අලුත් ජොබ් එක දැන් ෂුවර්ද ..."
ඇය කතාව පටන්ගත්තේ ජාන් මවට ඇයගේ පිගානට ආහාර බෙදද්දීය...
" ඔව් නැන්දෙ.... සමහරවිට මට හෙට ඉදලා වැඩට යන්න පුළුවන් වෙයි ..."
ජාන් විශ්වාසයෙන් කීවේය ...
" ඔය කියන විදිහට හරි ගියොත් හොඳයි ඉතින් නැත්නම් ඔක්කොම බර අර මනුස්සයගෙ කරේ...."
මේවා හැමදාමත් පුරුදු හිත රිදෙන වචන නිසාවෙන් ජාන් තවත් කිසිවක් කියන්නට ගියේ නැත .....
" අන්තිමට අර බලාගන්න එන මනුස්සයා වත් නතර කළොත් එහෙම මට තමා ඔක්කොම කරන්න වෙන්නෙ..."
මුළුතැන් ගෙයින් පිටව කාමරය දෙසට යන ජාන්ට ඇසෙන්නට ඇය කීවේය ... කියන්නට කිසිවක් නොමැති නිසා ජාන් නිහඩව කාමරයට ආවේය ... ජාන්ගේ මව රැක බලා ගැනීමට උදෑසන නමයට පමණ අසල නිවසක කාන්තාවක් පැමිණෙන්නේ මාසික ගෙවීමක් යටතේයි... නමුත් ඇය නැන්දනියට වඩා නම් කරුණාවන්තය ... ජාන්ගේ මවව ඉතා හොඳින් රැක බලා ගන්නේ ය...
" මගෙ පුතාට හොදටම විශ්වාසයි නේද ඒ දරුවව...."
ජාන් පෙරදා රාත්‍රියේ කලින් සිදු වූ සිදුවීම් කිසිවක් නොකියා යීබෝ විසින් තමන්ට රැකියාවක් ලබාදෙන්නට පොරොන්දු වූ බව පමණක් මවට පැවසුවේය .....
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...