🥀 විසි දෙවැනි දිගහැරුම ....

2.9K 557 212
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .........

⏳⏳⏳⏳

දින දෙකක් ගතවිය ... යීබෝ මේ දින දෙකේම කාර්‍ය බහුල විය ... ස්ටූඩියෝ එකට එන්නට තියා ඔහුට කන්න වත් වෙලාවක් සොයාගත නොහැකි ලෙසින් වැඩ අස්සේම හිරවිය... ජාන් මේ සියල්ල දරාගත්තේය ... ඔහුට ඇති එකම බය යීබෝ අසනීපවේදෝයි කියාය.. නමුත් ෆෙයි නිතරම ඔහුව අස්වසාලීය...

" කාලෙකට බේබි ඔහොම බිසී වෙනවා ජාන් බේබි.... එයාට ඒවා පුරුදුයි ...."

ඔහු කීවේය ...

" ඊයෙ එද්දි මහ රෑත්වෙලා ...මටත් නින්ද ගියානේ ....ආය මම නැඟිටින්නත් කලින් යන්නත් ගිහින්......."

ජාන් වේදනාවෙන් කීවේය ... ඔහුට දුක ඇත්තේ උදෑසන කිරිකෝපි එකවත් ඔහුට හදා දෙන්නට නොහැකිවූ නිසාවෙනි ...

" උදේ මට මගින් මගට කිව්වා ජාන් බේබි ලඟින්ම ඉන්න කියලා ..... අද හවස දෙකට පොටෝ ෂූට් එකට එනවා කිව්වා...."

ෆෙයි සිනාසෙමින් කීවේය ... ෆෙයි දැන් තනිකරම ජාන්ගේ රියදුරු සහ ආරක්ෂකයා බවට පත්ව ඇත.... ලෙලේට අමතරව යීබෝ තවත් රියදුරෙක් බදවාගන්නට තීරණය කර තිබුනි.... ජාන් යලිත් පාන්දර යීබෝ එවාතිබූ කෙටි පනිවිඩ බැලුවේය ..

මගෙ ටුටූ හොදට නිදි මං එද්දි.... මං ලාවට උම්මියක් දීලා ආවා ඉතින්.... උදෙන්ම කන්න.... මං පොටෝ ෂූට් එකට එනවා..... පරිස්සමෙන් යන්න......ආදරෙයි උම්ම්ම්මා😘😘😘 .......

ජාන්ගේ මුවඟට සුන්දර සිනහවක් නැගුනි ......

⏰ ⏰⏰⏰

දවස හීයක වේගයෙන් ගතවී යද්දී ජාන් හැරන් සමඟ පොටෝ එඩිටින් කිහිපයක් අවසන් කලේය...... මේ අතර චාඕ හැරන්ගේ කැබින් එකට ආවේ දිවා ආහාර විවේකය අවසන්වූ වහාමයි.... ජාන් සිටියේ හැදුනුම්පත් ජායාරූප කිහිපයක් සූදානම් කරමිනි..... දැන් ඒවා ජාන්ට කිසිවෙකුගේ සහායක් නොමැතිව කරගන්නට හැකියාව ඇත...

" මිස්ටර් ජාන්ගේ මූණ හරිම තෙහෙට්ටු පාටයි ..... ඉන්නෙත් සර්ගෙ ගෙදර කිව්වනේ නේද ....මෙහෙත් වැඩ කරලා එහෙ ගිහිල්ලත් වැඩ කරනවද අනේ....."

ඔහු අසල ඇති අසුනකට බරවෙමින් ඇසුවේය ... හැරන්ද කැබින් එක තුල සිටියේය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now