🥀 විසිනවවෙනි දිගහැරුම ....

2.7K 524 291
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .......

හතට නැඟිටින්නට සිතා දෙනෙත් පියාගත් යුවල අවදිවෙද්දී නවයටත් ආසන්න වී තිබුනි.... ජාන් මුලින්ම අවදිවෙද්දි ජනේලයෙන් හිරු එළිය තරමක් තදින් වැටීතිබුනු නිසා ඔහුගේ දුරකතනය ගෙන වෙලාව බැලුවේය .. 8.25... ලෙස එහි සටහන්ව තිබෙනු දැක ඔහුගේ මුවඟට සිනාවක් නැගුනි.... ඉක්මනින් ඇදෙන් බැසගත් ජාන් දෙදෙනාටම කිරිකෝපි සාදාගෙන යලිත් කාමරයට ආවේය ....

"බුගී..... බුගී....."

ජාන් යීබෝගෙ කම්මුල් අතගාමින් කතාකරද්දී යීබෝ දෙනෙත් හැරියේය ..

" හ්ම්ම්ම්....ටුටූ.... කිව්වා නේද හත වෙනකල් නැගිටින්න තහනම් කියලා ...."

යලිත් ජාන්ව පපුව මතට ඇඳගනිමින් යීබෝ කෙදිරිගෑවේය ....

" ආය ඉතින් රාත්‍රී හතට තමයි නැඟිටින්න වෙන්නෙ.... අටහමාරයි වෙලාව...."

ජාන් යීබෝගෙ පපුව මත දෙතොල් තබමින් කීවේය ...

" ඈහ් ... ඇත්තමයි ද ටුටූ.... "

යීබෝ සිනාසෙමින් ඇසුවේය ...

" ඔය තියෙන්නෙ මගෙ පෝන් එක ඒකෙන් බලන්න ඉතින් වෙලාව.... මං මේ හොයන්නෙ අර හතරයි හතලිස් පහට නැඟිටලා එව්වා මෙව්වා කරන මනුස්සයා කෝ කියලා ....."

ජාන් ඇදමත වාඩිවෙමින් කීවේය .....පෙරේදා රාත්‍රියේ යීබෝ නින්දට ගියේ ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුවයි

" නසරානි ටුටුවෙක් හින්දා මං නන්නත්තාර වෙලා තියෙන්නෙ දැං...."

යීබෝ මග් එක අතට ගනිමින් කීවේය ...

⏰ ⏰⏰⏰

කෙසේහෝ ඉක්මනින් සාදාගත් සැන්ඩ්විච් කිහිපයක් බොක්ස් එකකට දමාගෙන දෙදෙනාම චෙන්ගේ නිවසට යන්නට පිටත්විය..... ඔවුන් ප්‍රධාන මාර්ගයෙන් නොයා අතුරු මාර්ග කිහිපයක් භාවිතා කරමින් නගරයෙන් පිටවූ අතර මුහුදුබඩ මාර්ගය ඔස්සේ විනාඩි හතලිස්පහක් පමණ ගමන්කල පසු එම නිවස හමුවිය... එය මුහුද අසලම තිබුනු අතර මහ මාර්ගයෙන් ඇතුලට වන්නට පිහිටා තිබීම යීබෝගෙ හිතට සහනයක් විය... එතරම් විශාල නොවූවත් එය දෙමහල් නිවසකි..

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now