🥀 හතරවෙනි දිගහැරුම ....

3.2K 634 293
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀

" තමුසෙගෙ නම මොකක්ද ...."

ලෙලේ මදක් උස් හඩින් ඇසුවේය .......

" යූ බින්......'"

" හරි යූ බින්... තමුසේ කියනවා තමුසේ හොඳම රසිකයෙක් කියලා ..එතකොට තමුසෙ කියනවා තමුසේ අර කියපු තැන දන්නෙත් නෑ කියලා ... එතකොට මේක දිහා බලල මට කියනවා කෝ මෙතෙන්ට ගියේ තමුසෙද තමුසෙගෙ හොල්මන ද කියලා..."

ලෙලේ ඔහු අත තිබූ දුරකතනයෙහි ඇති බින් ගේ හැදුනුම්පත් ජායාරූපය පෙන්වීය... බින් ඒ දෙස පුදුමයෙන් බලා සිටියේය .... ඔහුගේ කටත් ඇරී ඇත...

" මගෙ අයිඩින්ටිය කොහොමද එතනට ගියේ....."

බින් පුදුමයෙන් කීවේය ...

" දැන්වත් රඟපාන එක නතර කරලා ඇත්ත කියනවා .. ඇයි තමුසෙ මේ වගේ කැත වැඩ කරන්නෙ... ඉතිං කතා කරනවා ... අපි මේ තමුසෙට සලකනවා හොඳ වැඩියි...."

යීබෝ යලිත් බින් අසලට පහත්වී කියෙව්වත් බින් සිටින්නේ බර කල්පනාවකයි...

" මේක උනේ කවදා කියලද කිව්වෙ...."

බින් ටික වෙලාවක් කල්පනා කරමින් හිඳ යීබොගෙන් ඇසුවේය...

" දැන් දවස් තුනකට කලින් ...."

බින් යලිත් බිම බලාගෙන කල්පනා කරන්නට පටන්ගත්තේය ....

" බොරුවට රඟපාන එක නවත්තනවා.... තමුසෙට වඩා හොදට මට රඟපාන්න පුලුවන් ..... මං තවත් හොදින් අහන්නෙ නෑ තේරුනාද ......."

" බූරුවා ............"

බින් එක්වරම කෑගැසූ ශබ්දයට යීබෝත් මදක් පස්සට විසිවී ගියේය .....

" මොකාටද උඹ බූරුවා කිව්වේ...."

මෙතෙක් වෙලා පැත්තකට වී සියල්ල දෙස බලාගෙන සිටි ෆෙයි අතක් උස්සාගෙන බින් ඉදිරියට ආවේ ඔහුගේ කන හරහට පහරක් ගැසීමටයි....

" මං දන්නවා මේ වැඩේ කරපු එකා....."

බින් කේන්තියෙන් කීවේය ...

" තමුසේ හදන්නේ කාගෙ හරි ඇගේ වැරැද්ද පටවලා මාරු වෙන්න .."

ලෙලේ කීවේය ...

" මං මේ ඇත්තමයි කියන්නේ .... දැන් දවස් තුනකට කලින් මගේ නැන්දාගේ පුතා පොඩි හදිසියකට කියලා මගේ අයිඩින්ටිය ඉල්ලගෙන ගියා ... උදේ ගෙනිහිල්ලා හවස පහට විතර ගෙනත් දුන්නේ.... "

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now